gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාවේ බැංකුවල පරිගණක ජාල ආරක්ෂාව අනතුරේ ?

මෙරට බැංකුවල පරිගණක පද්ධති තුළට ද හැකරුන්ට (hackers) රිංගා ගැනීමට හැකියාවන් ඇති බවට වන සැකයක් නිසා බැංකු ආරක්ෂක අංශ සීරුවෙන් සිටින බව වාර්තා වේ.

බැංකු පරිගණක පද්ධතිවල ආරක්ෂාව සම්බන්ධයෙන් පසුගිය කාලයේ බැංකු ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ පැවැති වැඩමුළුවකදී
ලංකාවේ බැංකු පද්ධතියට සයිබර් ප්‍රහාරයක් දිය හැකි බව පෙන්වීමට ආචාර්යධර්මීය හැකරුන් (ethical hackers) පෙන්වාදී තිබේ.

රාජ්‍ය මෙන්ම පෞද්ගලික බැංකු ද සිය පරිගණක ජාලයට පිටස්තරයන්ට ඇතුළුවිය හැකි ද යන්න පිළිබඳව සොයා බැලීමට නිරන්තරයෙන් ආචාර්යධර්මීය හැකරුන්ගේ (ethical hackers) සහය ලබා ගන්නා බව පැවසේ.

ඔවුන් අදාළ බැංකු පද්ධති තුළ ඇති ආරක්ෂක දුර්වලතා පෙන්වාදීමෙන් පසුව ඒවා සකස්කර ගැනීම දැනට බැංකු පරිගණක ජාලවල ආරක්ෂාව සැකසීමේ ක්‍රමවේදය බව වාර්තා වේ.

කෙසේවුවද, ආරක්ෂක අංශ මෙම ක්‍රමවේදය සම්බන්ධයෙන් සෑහීමකට පත්ව නොමැති බවත්, ආචාර්යධර්මීය හැකරුන් (ethical hackers) විසින් බැංකුවක ආරක්ෂක පද්ධතියේ ඇති දුර්වලතා නිරීක්ෂණය කර ඒවා සකස් කිරීමට උපදෙස් නොදී ඔවුන් වංචනික ක්‍රියාවක නිරතවුවහොත් එවිට දැඩි අපහසුතාවයකට ලක්වීමට සිදුවන හෙයින් ඔවුන් අදාළ ක්‍රමයට විරෝධය දක්වා ඇති බව පැවසේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka