gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගල්කිස්ස බලා ධාවනය වූ දුම්රියෙන් අයෙක්ව තල්ලු කර ඝාතනය කරයි

කන්කසන්තුරේ සිට ගල්කිස්ස දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගමන් කළ අයෙක් තවත් අයෙක්ව තල්ලු කර ඝාතනය කර තිබෙනවා.

මෙම ඝාතනය සිදුව ඇත්තේ ඊයේ (15) රාත්‍රි 7.00 ට පමණයි.

රාගම පොලිස් වසමේ රාගම දුම්රිය ස්ථානය සහ හොරපේ දුම්රිය
ස්ථානය අතර ස්ථානයකදී මෙලෙස එක් අයෙක් අනෙකාව දුම්රියෙන් තල්ලු කර තිබෙනවා. එහිදී දුම්රිය මාර්ගයට ඇද වැටුණු පුද්ගලයා දරුණු තුවාල ලබා මිය ගොස් තිබෙනවා.

දෙදෙනාම දුම්රියේ ගමන් කරද්දී ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

මරණයට පත් පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඔහු වයස අවුරුදු 45ත් 50ත් අතර උඩු රැවුල වවා ඇති අයෙක් බවයි පොලිසිය පැවසුවේ.

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණය අද (16) සිදු කිරීමට නියමිතයි.

මොහුව දුම්රියෙන් තල්ලු කළ පුද්ගලයාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka