gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉන්දියාවෙන් සෙරෙප්පු පහරක්

ආයෝජන මණ්‌ඩලයේ අවසරය ඇති ඉන්දීය පාවහන් කර්මාන්ත ආයතනයක්‌ මගින් නිපදවන සෙරෙප්පු සහ සපත්තු ශ්‍රී ලංකා වෙළෙඳපොළට නිකුත් කිරීම  ශ්‍රී ලාංකික පාවහන් කර්මාන්තය බලවත් අර්බුදයකට පත්ව ඇති බව වාර්තා වේ.

වීක්‌සි ස්‌ලිපර්ස්‌ ලංකා පුද්ගලික සමාගම යන නමින් මෙරට ක්‍රියාත්මක
වන එම පාවහන් සමාගම වීක්‌සි ඉන්දියා නමැති සමාගමේ ශාඛාවකි. එහි නිෂ්පාදනාගාරය මීගමුවේ පිහිටුවා ඇත.

මේ පිළිබඳව ජනාධිපතිවරයා වෙත ලිපියක්‌ යවමින්   ශ්‍රී ලංකා පාවහන් සහ සම්භාණ්‌ඩ නිෂ්පාදන සංගමය කරුණු පැහැදිලි කර ඇත.ඔවුන් සඳහන් කරන පරිදි වීක්‌සි ඉන්දියා සමාගම ඉන්දියානු වෙළෙඳපොළ තුළද දැවැන්තයෙකි.

දිනකට පාවහන් ජෝඩු එක්‌ලක්‌ෂ පනස්‌ දහසක්‌ නිපදවීමේ හැකියාව එම සමාගමට ඇත. ඒ අනුව නිෂ්පාදන අමුද්‍රව්‍ය යන්ත්‍ර සූත්‍ර යනාදිය සම්බන්ධයෙන් මෙම සමාගමට විශාල බල අධිකාරියක්‌ ඇති අතර එය ශ්‍රී ලංකාවේ සෙරෙප්පු සහ පාවහන් නිෂ්පාදකයන්ට විශාල බලපෑමක්‌ වනු ඇත. එපමණක්‌ නොව වීක්‌සි සමාගමේ මිල අඩු නිෂ්පාදන හේතුවෙන් ශ්‍රී ලංකාවේ පාවහන් කර්මාන්තය සම්පූර්ණයෙන්ම මියයනු ඇතැයිද ව්‍යාපාරික ප්‍රජාව පවසයි.

වීක්‌සි සමාගම මෙරටට පැමිණ ඇත්තේ ඩොලර් 2,50,000 ක්‌ වැනි ඉතා සුළු ආයෝජනයක්‌ සමගය. මේ සුළු මුදල හරහා දේශීය පාවහන් නිෂ්පාදනය මරා දමන්නට ඔවුන්ට හැකිවීම ඛේදජනක තත්ත්වයක්‌ බවද පාවහන් නිෂ්පාදකයෝ පෙන්වා දෙති.

වීක්‌සි සමාගමට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී බරපතළ අක්‍රමිකතාවක්‌ සිදුව තිබේද යන්නද මෙහිදී මතුව ඇති ගැටලුවකි.





gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka