gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉන්දීය සපත්තු නිසා ලංකා සපත්තු අමාරුවේ

ඉන්දියාවේ ප්‍රාන්ත 6ක පමණ දැවැන්ත වෙළෙඳ‍පොළක් අත්පත් කරගෙන සිටින, එරට විශාලම පාවහන් නිෂ්පාදන සමාගමකට, ලංකාවේ පාවහන් නිෂ්පාදනය කිරීම සඳහා ඉඩකඩ ලබාදීමට ආයෝජන මණ්ඩලය විසින් තීරණයක් ගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

මේ නිසා ලංකාවේ දේශීය පාවහන් නිෂ්පාදන කර්මාන්ත ශාලා සියල්ලම
පාහේ මුළුමනින්ම වැසී යාමේ දැඩි අවදානමක් මෙන්ම ඊට සම්බන්ධ සෘජු හා වක්‍ර රැකියා දෙලක්ෂ පනස් දහසක් පමණ අර්බුදයට ලක්වීමේ බරපතළ අවදානමක් පවතින්නේ යැයි ද එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

අදාළ ඉන්දියානු සමාගම විසින් ආසන්න වශයෙන් දිනකට පාවහන් යුගල දෙලක්ෂ පනස් දහසක් පමණ නිෂ්පාදනය කරන අතර එම සමාගමට මෙහි ව්‍යාපාරයට අදාළ අලෙවි කටයුතු කිරීමටද අනුමැතිය දී ඇතැයිද ඒ මහතා කීය.

දේශීය පාවහන් නිෂ්පාදනකරුවන් මේ වන විට රටේ අවශ්‍යතාවයෙන් සියයට 100ක්ද, පාසල් දරුවන්ගේ අවශ්‍යතා සියයට 100ක් සපුරන බවද පෙන්වා දුන් හඳුන්නෙත්ති මහතා ආණ්ඩුව මෙහිදී කළ යුතුව ඇත්තේ දේශීය පාවහන් කර්මාන්තකරුවන්ට ලෝක වෙළෙඳ‍පොළට යාමට අතදීම මිස විදෙස් ආයෝජකයන් මෙහි ගෙන්වා ගැනීම නොවන බවද කීය.

එසේම ලැබි තිබෙන තොරතුරුවලට අනුව අදාළ විෂය භාර කර්මාන්ත අමාත්‍යාංශයටද නොදන්වා ආයෝජන මණ්ඩලය මෙම තීරණය ගෙන තිබෙන බව යැයි ද ඒ මහතා කීය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka