gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

11 වෙනිදා ඉඳන් කොදෙව්වන්ට රිදෙන්න දෙන්න යන අපේ කොල්ලෝ සෙට් එක මෙන්න

බටහිර ඉන්දීය කොදෙව් ඒ කණ්ඩායම හා ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් හා එක්දින තරගාවලියේ නායකත්වයට ධනංජය ද සිල්වා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ. එසේම එම කණ්ඩායමේ උපනායකයා ලෙස චරිත් අසලංක පත්කර ඇත.

සිවුදින ටෙස්ට් තරග 03ක් හා එක්දින තරග තුනක් ඇතුළත් මෙම
තරගාවලිය කොදෙව් දූපත්වලදී එළඹෙන 11 වැනිදා ආරම්භ වීමට නියමිතය. ඒ සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (06දා) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

කණ්ඩායමේ පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධන කටයුතු කරන අතර කළමනාකරු ලෙස චරිත් සේනානායක කටයුතු කරයි. වේග පන්දු යවන පුහුණකරු ලෙස නුවන් සොයිසාත්, පන්දු රැකීමේ පුහුණුකරු ලෙස නුවන් සෙනෙවිරත්නත් නම්කර තිබේ.

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම – ධනංජයද සිල්වා (නායක), චරිත් අසලංක (උපනායක), රොන් චන්ද්‍රගුප්ත, සඳුන් වීරක්කොඩි (කඩුලු රකින්නා), දසුන් ශානක, ශෙහාන් ජයසූරිය, රොෂේන් සිල්වා, සදීර සමරවික්‍රම, මලින්ද පුෂ්පකුමාර, වනිඳු හසරංග, අමිල අපෝන්සු, ළහිරු කුමාර, අසිත ප්‍රනාන්දු, විමුක්ති පෙරේරා, කසුන් රාජිත, චාමික කරුණාරත්න.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka