gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රුපියල් කෝටි දෙකක් වටිනා පෙට්ටගම හොරු උස්සයි – බල්ලත් හොල්මන්

කාත්තාන්කුඩි පොලිස් වසමේ කල්ලඩි උප්පෝයෙි පෙදෙසේ නිවසක රුපියල් කෝටි දෙකක් වටිනා රන් ආභරණ හා විදෙස් රන් කාසි හොරකම් කර ඇති බවට කාත්තාන්කුඩි පොලිස් ස්ථානාධිපති කස්තූරි ආරච්චි මහතා පැවසීය.

ඊයේ රෑ සිදුවූ හොරකම් සිද්ධියට සම්බන්ධ හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට පොලිසිය පැවසූහ.

නිවෙසේ අයිතිකරුවන් ඊයේ සවස එළියට ගිය අවස්ථාවේ මෙය සිදුවී ඇත. රන් ආභරණ හා විදෙස් කාසි තබා
ඇති ආරක්ෂිත පෙට්ටගම ඔසවාගෙන යතුරු පැදියෙන් කුච්චවෙලියට පලා ගොස් ඇත. තිරියායි යන ස්ථානයේ සඟවා තිබුණු තත්වයේ පොලිසිය මෙය මුදාගෙන ඇත.

අදාල නිවෙසේ පෙදෙසක කුලියට නවතා තිබූ ත්‍රිකුණාමලයේ තුන් දෙනෙකු මෙයට සම්බන්ධ වී ඇති බවත් සිද්ධිය සිදුවූ විට දොර කඩාගෙන සැක නොසිතන අන්දමින් නිවස ඇතුලේ හා පිටත මිරිස් කුඩු ඉස එහි සිටි බල්ලාගේ තත්වය වෙනස් කර චිත්‍රපටියක් ආකාරයෙන් මෙය සිදු වී ඇති බවට සඳහන් වේ. සැකකරුවන් නිවෙස් අයිතිකරු එන්නට කලින් කුලියට සිටි කාමර වසා හොරකම් කල රන් ආභරණ සමගින් සැඟවී ඇත.

ඉන් පසු නිවෙසේ අයිතිකරුවන් පොලිසියට කරන ලද තොරතුරට අනුව වහාම විමර්ශන පැවැත්වූ කාත්තාන්කුඩි පොලිසිය සැකකරුවන් වාකරේ සිට අත්අඩංගුවට ගෙන ඇත. හොරකම් කරන ලද රන් ආභරණ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂන පොලිසිය සිදු කරති.​


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka