gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාසල් ඇඳුම පිටින්ම සිසුවියන් දෙදෙනෙක් මාර තැනකට ගිහින්

පාසල් නිල ඇඳුමින් සිටි අවු. 17ක් වයසැති තරුණියන් දෙදෙනෙකු රැගෙන ත්‍රිරෝද රථයකින් පැමිණි වයස අවුරුදු 21ක තරුණයන් දෙදෙනෙකුට රුපියල් තුන්දහසක් අය කර කාමර පහසුකම් ලබාදුන් තලාහේන ප්‍රදේශයේ ලැඟුම්හල්හිමිකරුවකු ඊයේ මීගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

බලපත්‍ර නොමැතිව ලැඟුම්හලක් පවත්වාගෙන ගිය හිමිකරු වත්තල
ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලීසිය කියයි.

119 පොලීස් හදිසි ඇමැතුමකට ලද තොරතුරකට අනුව සිද්ධියට අදාළ ලැඟුම්හලේ කාමර දෙකක් තුළ පාසල් ඇඳුමින් සිටි තරුණියන් දෙදෙනා හා තරුණයන් දෙදෙනෙකු සහ ඔවුන් පැමිණි ත්‍රිරෝද රථයද පොලීස් භාරයට ගෙන ඇත.

පාසල් සුදු ඇඳුමින් සැරසී සිටි යුවතියන් දෙදෙනෙකු ලැඟුම්හලක කාමරයක් තුළට රැගෙන යෑමට ඉඩ සලස්වා සමාජ වගකීමක් කඩකිරීම, පැහැරහැරිම සහ බලපත්‍ර නොමැතිව ලැඟුම්හලක් පවත්වාගෙන යෑම සම්බන්ධව ලැඟුම්හල්හිමිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.





gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka