gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහින්දගේ ගෙදරට ඇතුළු වූයේ මානසික රෝගියෙක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජයරාම මාවතේ පිහිටි නිවසට තියුණු ආයුධයක් රැගෙන බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සහ කිරිමේදී අත්අඩංගුවට ගත් තරුණයා මානසික රෝගයකින් පෙළෙන අයෙකු බවට කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට දැනුම්දී තිබේ.

පසුගිය සැප්තැම්බර් මස 21 වනදා මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට
ඇතුළුවීමට උත්සහ කිරිමේදී අදාල තරුණයා කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූණි.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර අදාල නඩුව අද(6) යලි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය හමුවේ කැඳවනු ලැබීය.

එහිදී කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට දැනුම්දී ඇත්තේ එම තරුණයා මීට පෙර ද මානසික රෝග සඳහා ප්‍රතිකාර ලබා ගෙන ඇති බවයි.

ඔහුට තවදුරටත් ප්‍රතිකාර අවශ්‍ය බව සඳහන් කළ පොලීසිය ඔහු මානසික රෝහලට ඇතුළත් කර නේවාසික ප්‍රතිකාර ලබාදීමේ නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් අතිරේක මහේස්ත්‍රාත්වරිය ඒ සඳහා අවසර ලබාදී ඇති අතර සැකකරු ලබන 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ගත කෙරුණු බව වාර්තාවේ.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka