gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සයිටම් ස්ලිට් යටතට !

සයිටම් පිළිබඳව අවසන් තීන්දුව ලෙස සයිටම් ආයතනය වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුගෙන් ඉවත් කොට ස්ලිට් ආයතනයට හෝ වෙනත් උසස් අධ්‍යාපන ආයතනයකට බහුතර හිමිකාරිත්වය ලැබෙන පරිදි පොදු සමාගමක් බවට පත් කරනු ඇතැයි ආරංචි මාර්ග කියයි.

සයිටම් සම්බන්ධයෙන් පසුගිය 23 වැනිදා ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී ද ඒ පිළිබඳ එකඟතාවක් ඇතිව තිබේ.

වෛද්‍ය - නෙවිල් ප්‍රනාන්දු ද සයිටම් ආයතන වෙනත් හිමිකාරීත්වයකට පැවරීමට එකඟතාව පළ කර ඇත.

හර්ෂ ද සිල්වා වාර්තාව :

සයිටම් ආයතනය සම්බන්ධයෙන් හර්ෂ ද සිල්වා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුව ද විසඳුමක් ලෙස යෝජනා කර ඇත්තේ එයයි.

එම කමිටුවේ අනෙක් සාමාජිකයන් වන්නේ උසස් අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරුන් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සහ නිතිපතිවරයයායි.

ඒ අනුව සයිටම් ආයතනය ලාභ නොලබන නව ආයතයනයත් බවය පත් කරන බවත් එහි බහුතර කොටස් අයිතිය පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයකට පවරන බවත්, එම කමිටුවේ සාමාජිකයෙක් අප සමඟ පැවසිය.

කෙසේ වෙතත් මේ පිළිබඳව අවසාන තීරණය ජනාධිපතිවරයා ලංකාවට පැමිණි පසුව ඔහු විසින් ගැනීමට නියමිතයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka