gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කුවේට් වන්දි බෙදන්න කට්ටිය හොයාගන්න බැරිවෙලා !

කුවේට් ඉරාක යුද සමයේ ආපදාවට ලක්වූ 948 දෙනෙකුගේ තවමත් විදේශසේවා නියුක්ති කාර්යංශයට සොයාගැනීමට නොහැකිවීම නිසා අදාළ පුද්ගලයන්ට අයත් රුපියල් මිලියන 3,213ක මුදලක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ ඇතැයි වාර්තා වේ.

එම සමයේදී ශ්‍රී ලාංකිකයන් 120,000ක් ආපදාවට ලක්වූ බවත්, පසුව
එක්සත් ජාතීන්ගේ වන්දි කොමිසම මගින් වන්දිහිමිකම් ඉල්ලීමට 1994-12-31 දක්වා කාලය ලබාදුන් අතර එම කාලයේදී පුද්ගලයින් 94,820ක් වන්දි අයැදුම්කර ඇති බව පැවසේ.

ඉන් 88,875ක පමණ ප්‍රමාණයක වන්දිගෙවීම් එක්සත් ජාතීන්ගේ කොමිසම අනුමත කර තිබේ.

මේ සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කුවේට් වන්දි අංශය ලෙස වෙනම අංශයක් ද ඇති කර ඇති අතර එම අංශයට ආපදාවට ලක්වූවන්ට වන්දි ගෙවීමට ඇමරිකානු ඩොලර් මිලියන 308ක් ලැබී ඇත.

එම කාර්යංශයේ වාර්තා අනුව නිවරදි ලෙස ලිපි ලේඛන ඉදිරිපත් කළ පුද්ගලයන් 87,934 කට වන්දි ලබාදී තිබේ. ඒ අනුව මිලියන 251 ක මුදලක් එසේ ගෙවා ඇති බව පැවසේ.

එම මුදල ගෙවීමෙන් පසුව ලිපි ලේඛන දෝශ හේතුවෙන් තවත් පුද්ගලයන් 948කට බෙදා දිය යුතු මුදලක් නොගෙවා ඉතිරිවී ඇත.

ඒ අනුව එසේ වන්දි වශයෙන් නොගෙවන ලද මුදල පොලීවීමෙන් වත්මන් මුදල දක්වා එය වර්ධනය වී තිබේ.

කුවේට් අරමුදලේ ශේෂයෙන් මිලියන 1000 ක මුදලක් 2016 වසරේදී භාණ්ඩාගාරය වෙත ලබාදී ඇති බවත් 2017 අයවැය යෝජනාවලින් විගමනික සේවක විශ්‍රාම වැටුපක් සැකසීමට රුපියල් මිලියන 2000 ක් වෙන්කර ඇති බව පැවසේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka