gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සෞදි සේවය කළ කතකට ලක්ෂ 36ක හිඟ වැටුපක් ලැබේ !

සෞදියේ සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවක් වසර 17කට පසු ලක්ෂ 36ක හිඟ වැටුපක්ද සමග ඊයේ (27දා) දින මෙරටට පැමිණ තිබේ. වසර 17ක් සෞදියේ සේවය කළ කේ.ජී. කුසුමාවතී නම් අඹන්පොළ, අටවරද ප්‍රදේශයේ පදිංචි කාරිණියක් මෙසේ හිඟ වැටුප්ද සමග ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ගෘහ සේවිකාවක් ලෙස සේවය සඳහා මෙම කාන්තාව 2000 වසරේදී සෞදි අරාබිය බලා පිටත්ව ගොස් ඇත. එහිදී ඇය කාන්තාර ප්‍රදේශයක වසර 15ක් පුරා එහි එළුවන් හා බැටලුවන් බලාගනිමින් සේවයකර ඇත.

එහෙත් පසුගිය වසර එක හමාරක පමණ කාලය තුළ ඇය පිළිබඳ කිසිඳු තොරතුරක් නොලද හෙයින් මේ පිළිබඳව ඇගේ පවුලේ සාමාජිකයන් විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සිදුකළ පැමිණිල්ලක ප්‍රතිඵලයක් ලෙස එම නිලධාරීන් මෙම කාන්තාව සොයා ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඉන් අනතුරුව ඇයගේ හාම්පුතා සොයාගැනීමෙන් පසු රියාල් අසූඅටදහස් හයසියයක හිඟ මුදලක් ගෙවීමට පොරොන්දු වී තිබේ. එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 36කි. එය මෑත ඉතිහාසයේ විගමණික ශ්‍රමිකයෙකුගේ හිමිකම් වෙනුවෙන් ලබාදිය හැකි වූ ඉහළම හිඟ වැටුප් ප්‍රමාණය ලෙස වාර්තා වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka