gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නොතීසි නිකුත් කළ රන්ජන් රාමනායක අද ශ්‍රේෂ්ඨාධිකරණයට

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 12 වනදා නොතිසී නිකුත් කළා.

ඒ, ඔහු අධිකරණයට අපහාස වන ලෙස සිදුකළ ප්‍රකාශයක්
සම්බන්ධයෙන් ගොනුකළ පෙත්සම් දෙකක් සලකා බලමින්.

මෙරට අධිකරණ විනිසුරුවරුන් සහ නීතිඥවරුන් බහුතරයක් දූෂිත බවට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පසුගිය අගෝස්තු මස 21 වැනිදා මෙම චෝදනාව එල්ල කළා.

අධිකරණයට අපහාස වන ආකාරයෙන් සිදුකළ මෙම ප්‍රකාශයට එරෙහිව සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී සුනිල් පෙරේරා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් දෙකක් ගොනුකළා.

අදාළ පෙත්සම් දෙක මගින් ඔවුන් පෙන්වා දී තිබුණේ අගෝස්තු මස 21 වැනිදා මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක බහුතරයක් විනිසුරුවරුන් හා නීතිඥයින් දූෂිත පුද්ගලයින් බවට ප්‍රකාශ කළ බවයි.

නීති සම්පාදනය කෙරෙන පාර්ලිමේන්තුවේ සාමාජිකයෙකු සිදුකළ එවැනි ප්‍රකාශයකින් නීතිය සම්බන්ධයෙන් මහජන විශ්වාසය බිඳ වැටෙන බව පෙත්සම්කරුවන් පෙන්වා දී තිබුණා.

ඔවුන් අධිකරණයට වැඩිදුරටත් දන්වා ඇත්තේ එමඟින් අධිකරණයට අපහාසයක්ද සිදුකර ඇති බවයි.

අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකර රන්ජන් රාමනායකට දඬුවම් ලබාදෙන ලෙසද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

එම පෙත්සම් පසුගිය 12 වනදා සලකා බැලුවේ බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ සහ අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින්.

පෙත්සම්වල අඩංගු කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඒ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට තීරණය කළා.

නියෝජ්‍ය අමාත්‍යවරයාට අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නොතිසී නිකුත් කෙරුණේ ඒ අනුවයි.

මේ අතර, රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මෙරට විනිසුරුවරුන් සහ නීතිඥවරුන් අති බහුතරයක් දූෂිත බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සඳහා අදාළ ලිපිලේඛන සහ වීඩියෝ පට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද පසුගියදා අගවිනිසුරුවරයාට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට භාර දුන්නා.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka