gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හදිසි අනතුරු අවස්‌ථාවලදී ගුවන් ගිලන් රථ සේවයක්‌ - රාජිත

හදිසි අනතුරු අවස්‌ථාවලදී අනතුරට පත්වූ පුද්ගලයාගේ ජීවිත අවදානම අවම කර ගැනීමට ගුවනින්ද ගිලන් රථ සේවයක්‌ ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ ඊයේ (9 දා) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී

බෝ නොවන රෝග ඒකකය මගින් සංවිධානය කරනු ලැබූ ශ්‍රී ලංකාවේ සියලුම පාසල් සහ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවලට අවශ්‍ය කරන ප්‍රථමාධාර උපකරණ බෙදාදීමේ ජාතික උත්සවයට එක්‌වෙමිනි.

පාසල් අනතුරු වැළැක්‌වීම සහ ප්‍රථමාධාර වැඩසටහන් ප්‍රවර්ධනය සහ ශක්‌තිමත් කිරීමේ අරමුණින් ප්‍රථමාධාර උපකරණ සියලුම පාසල් අතර බෙදා දීමත්, පළාත් දිස්‌ත්‍රික්‌, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්‌ඨාශ සහ ග්‍රාමීය මට්‌ටමේ ප්‍රථමාධාර පුහුණු වැඩසටහන් ශක්‌තිමත් කිරීමේ අරමුණ ඇතිව දිවයිනේ සෑම දිස්‌ත්‍රික්‌ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලටම මෙම උපකරණ ලබාදීමට බෝ නොවන රෝග ඒකකය මෙය සංවිධානය කොට තිබිණ.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අමාත්‍යවරයා මෙසේද පැවැසීය.

නිසි ක්‍රමවේදයක්‌ නොමැති වීමෙන් අපේ රටේ අකාලයේ මියයන සංඛ්‍යාව ඉතාම ඉහළයි. එය කනගාටුවට කරුණක්‌. බොහෝ අවස්‌ථාවට මෙවැනි රෝගීන් රෝහලට ගෙනි යන්නේ ත්‍රිරෝද රථයෙන්. ඒ නිසා තමයි අපි මේ ගිලන් රථ සේවයක්‌ ආරම්භ කළේ. මේ වන විට ගිලන් රථ කොළඹට සහ දකුණට 88 ක්‌ ලබාදී තිබෙනවා. එසේම සෑම දිස්‌ත්‍රික්‌කයටම හදිසි අනතුරු සේවයක්‌ ආරම්භ කරලා තිබෙනවා. කිලිනොච්චිය, මුලතිව්, යාපනය, හම්බන්තොට ආදී ප්‍රදේශවලත් ඉතා හොඳින් මෙය ක්‍රියාත්මක වෙනවා.

මෙම අවස්‌ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම පාසල් දරුවන් විශාල සංඛ්‍යාවක්‌ එක්‌ව සිටියහ.

 සටහන සහ ඡායාරූපය - සුජාතා ජයරත්න
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka