gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පෙම්වතාව ලබාගන්න මෙහෙකාරියක් කරපු දෙයක්

ප්‍රදේශයේ නිවෙසකින් රුපියල් හය ලක්ෂ හැත්තෑ දහසක (රු.6,70,000) මුදලක් සොරා ගැනීමේ සිද්ධියක් මත එම නිවෙසේ මෙහෙකාරිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සිතූ පැතූ දේ ලබාදෙන බව කියමින් මුදල් වංචා කළ ද්‍රවිඩ කාන්තාවක් සහ එයට අනුබල දුන් මුස්ලිම් ජාතික තරුණයෙක්ද අත්අඩංගුවට ගත් බව පල්ලෙකැලේ පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් ගුරුකම් කරන කාන්තාව සිතූ පැතූ දෙ ලබාදෙන බව
කියමින් ද්‍රවිඩ පුවත්පතක දැන්වීම් පළකර ඇති බවත්, එක දැන්වීම් බලා බලගොල්ල ප්‍රදේශයේ නිවෙසේ මෙහෙකරියකද තම පෙම්වතා ලබාදෙන ලෙස දැන්වීමේ සඳහන් දුරකතන අංකයට කතා කර ඇත.

මෙම ගුරුකමේ යෙදී සිටින ද්‍රවිඩ කාන්තාව තම ගිණුමට රුපියල් පන් දහසක් බර කරන ලෙස මෙහෙකාරියට දන්වා ඇති අතර, මුදල් ගිණුමට බර කිරීමෙන් අනතුරුව පෙම්වතා ලබා ගැනීම සඳහා කාලි මෑණියන්ට පුද පූජා කළ යුතු බව පවසමින්, ඊටද මුදල් ඉල්ලා තිබේ.

මෙසේ ගුරුකම සඳහා මුදල් ලබා දීමට මෙහෙකාරිය රන් බඩු සොරකම් කර ලබාදී ඇති බව අනාවරණය වී ඇත.

පල්ලෙකැලේ පොලීසියට මෙහෙකාරියගෙන් අනාවරණය වූ කරුණු අනුව ගුරුකමේ යෙදී සිටින කාන්තාව අකුරණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන පසුව ඇයගෙන් කළ ප්‍රකාශ අනුව සහය දුන් මුස්ලිම් තරුණයකු කටුගස්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

දැනට යාපනය, මුලතිව්, කිලිනොච්චි ප්‍රදේශවල ද්‍රවිඩ ජනතාවගෙන්ද මුදල් වංචාකර ඇති බවත්, මෙම කාන්තාවගේ ගිණුමේ රුපියල් ලක්ෂ හතරක් තිබෙන බවත් පොලීසිය පවසයි.

අත්අඩංගුවට පත් වුවත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ තුන බැගින් ශරීර ඇපමත සහ රුපියල් පන් දහසක මුදල් ඇපමත මුදා හැරිණි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka