gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වකුගඩු රෝගයෙන් පියා මියගිය ශිෂ්‍යත්වෙ සමත් දැරියට ජනපති පිහිට

දැඩි දරිද්‍රතාවෙන් පෙළෙන පවුලක දරුවකු මෙවර පහ වසර ශිෂ්‍යත්වයෙන් සමත්වීම පිළිබඳ මාධ්‍ය මඟින් ඊයේ හෙළි කිරීමෙන් පසු පත්තර කියවද්දී එය දුටු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ඒ ගැන අවධානය

යොමුවී ඇයව තමා වෙත යොමුකරන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ගලේවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය වෙත දන්වා ඇත.

බී. බී. දුලංජලි මධුමාලි ප්‍රේමරත්න නමැති මේ දැරිය මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 168ක් ලබාගත් අතර 1972 වසරේ ආරම්භකර ඇති පහළ

දිග්ගල ප්‍රාථමික විදුහලේ ප්‍රථමවරට පහ වසර ශිෂ්‍යත්වය සමත්වි ඇත්තේද ඇයයි. දැරියගේ පියා වකුගඩු රෝගයෙන් මියගොස් ඇති අතර මව මේ වනවිට ගඩොල් කපමින් පවුලේ නඩත්තුව කරගෙන යමින් සිටියි. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි වකුගඩු රෝග නිවාරණ ජනාධිපති අරමුදලෙන් දැරියට උසස් පෙළ දක්වා අධ්‍යාපනය සඳහා ආධාර මුදල් ලබා දෙන ලෙස ද ජනාධිපතිවරයා නියෝග කර ඇත.

වකුගඩු නිවාරණ ජනාධිපති අරමුදලේ අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල මහතා කියා ඇත්තේ 9 දින උදේ ජනමාධ්‍ය මඟින් මේ දැරියගේ පුවත දුටු ජනාධිපතිතුමා තමා වෙත දුරකථනයෙන් කතාකොට වකුගඩු රෝගයෙන් මියගිය පියාගේ මේ දිරිය දියණියගේ අධ්‍යාපනය සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසත් උසස් අධ්‍යාපනය අවසන් වනතුරු ඇයට අවශ්‍ය අධ්‍යාපන වියදම් අරමුදල මඟින් කරන ලෙසත් දැනුම් දුන් බවය

එමෙන්ම ගඩොල් කපා ජීවත්වන මෙම දැරියගේ මවත් දැරියත් විදුහල්පතිවරයාත් පුවත හෙළි කළ ප්‍රාදේශීය මාධ්‍යවේදියාත් ජනාධිපති මැදුරට ගෙන්වන ලෙස ජනාධිපතිවරයා තමන්ට උපදෙස් ලබා දුන් බව සඳහන් කළේය.







gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka