gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

''පන්නිපිටියේ සුද්දිගේ'' කුඩු ගෝලයා අම්බලන්තොටදී කොටු වේ

මාතර සිට කතරගම දක්වා හෙරොයින් බෙදූ පන්නිපිටියේ සුද්දිගේ ගෝලයෙකු  හෙරොයින් විකුණමින් සිටියදී තංගල්ල කොට්ඨාස විෂ මත්ද්‍රවය හා කොට්ඨාස දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් අම්බලන්තොටදී අත්අඩංගුවට ගෙන තිබේ.

තංගල්ල කොට්ඨාස විෂ මත්ද්‍රවය හා කොට්ඨාස දුෂණ මර්ධන ඒකකයේ
නිලධාරින් හට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී මෙම ප්‍රධාන සැකකරු සමග තවත් දෙදෙනකු හෙරොයින් ග්‍රෑම් 04 කුත් මිලිග්‍රෑම් 240 ක් සමග අම්බලන්තොට කොඩිගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

 සැකකරුවන් අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔවුන් සතුව රුපියල් 3000 බැගින් විකිනීමට සුදානම් කර තිබූ හෙරොයින් පැකට් 50 ක් හා තවත් රුපියල් දසදහසක පැකට්ටුවක්ද තිබු බව පොලිසිය පැවැසීය.

කුඩු බෙදා හරිමින් සිටි පන්නිපිටියේ සුද්දිගේ ගෝලයා මහරගම ,පන්නිපිටිය, එරවුවල පදිංචි වයස අවුරුදු 39 ක පමණ අයෙකු වේ .අනෙක් දෙදෙනා අම්බලන්තොට පදිංචි කරුවන් වේ .



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka