gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මෛත්‍රීගේ අනින් පොල් 65ට බස්සයි !

රජය සතු පොල් තොග, හෙට (02) සිට ගෙඩියක් රුපියල් 65 ක මිලකට වෙළදපොළට නිකුත් කරන බව පොල් වගා කිරිමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතා පැවසීය.

කුඩා පරිමාණ පොල් වගාකරුවන්ගෙන් ලබාගත් පොල් තොග ද මෙහිදී වෙළදපොළට නිකුත් කරන බව ඔහු කීය.

ජංගම රථ යොදා ගනිමින් බෙදා හරින මෙම පොල් තොග, හඳුනාගත හැකි ආකාරයෙන් වර්ණ ගන්වා ඇති බව ද කපිල යකන්දාවල මහතා සඳහන් කළේය.


ලබන බදාදා සිට සතොස වෙළඳසැල් මගින් ද අඩු මිලට පොල් මිලදී ගත හැකි බව කපිල යකන්දාවල මහතා ප්‍රකාශ කළේය.

පසුගිය කාලයේ පැවති නියං කාලගුණය හේතුවෙන් පොල් අස්වනු ලැබීම පහළ ගියේය.

මේ හේතුවෙන් රට තුළ ඇති වූයේ පොල් හිඟයකි.

කොළඹ, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලට ඉන් වැඩිම බලපෑමක් එල්ල විය.

ඒ අනුව පොල් ගෙඩියක් අලෙවි වූයේ රුපියල් 80 ත් 100 ත් අතර මිලකටයි.

ජනපති මෛත්‍රීපාප සිරිසේන මහත පොල් සහ සහල් අඩු කිරීමට උපදෙස් ලබා දුන්නේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka