gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'පාට' පොල් අද සිට අඩු මිලට

රුපියල් 65 කට පාරිභෝගිකයන්ට පොල් ලබාදීමේ වැඩපිළිවෙල අද (02) සිට ක්‍රියාත්මක වන බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි.

එහි සභාපති කපිල යකන්දාවල මහතා කියාසිටියේ සිය ලොරි රථවලින් අඩු මිළට අළෙවි කරන මෙම පොල් මිළදී ගෙන වැඩි මිලට විකිණීමේ
කූඨ වෙළදුන්ගේ උත්සාහයන් වැළැක්වීමටද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි.

උදේ කාලයේ කොළඹ සහ අවට ප්‍රදේශවල මේ ආකාරයෙන් පොල් අලෙවි කිරීමට කටයුතු යොදා ඇති අතර ජංගම රථ මගින් එම කටයුතු සිදු කෙරේ. එක් අයෙකුට පොල් ගෙඩි 10ක් ලබා ගත හැකි වේ.

 මෙලෙස අලෙවි කෙරෙන්නේ වර්ණ ගැන්වූ පොල් වන අතර කූඨ වෙළඳුන්ට එම පොල් යළි අලෙවි කිරීමට නොහැකි වන දේ බාධා කිරීම එහි අරමුණයි.

එහිදී සෞඛ්‍යට අහිතකර නොවන වර්ණක යොදා ගැනීමට පොල් වගා කිරීමේ මණ්ඩලය අවධානය යොමු කර ඇත.

ඉදිරියේදී මෙම මිළ ගණන් යටතේ පොල් සතොස වෙත ලබා දීමටද කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

 එමෙන්ම ජංගම රථ යොදා ගනිමින් පොල් අලෙවි කිරීමේ ක්‍රියාවලිය ඉදිරියේදී වඩාත් පුළුල් කිරීමට අවශ්‍ය කටයුතුද මේ වන විට සොයා බලමින් ඇති බවද ඔහු පැවසිය.

අඩු මිළට පොල් අලෙවි කරන ස්ථාන :

ලොරි රථ මගින් අඩු මිළට පොල් අළෙවි කරන ප්‍රදේශයන්ද මෙහිදි ප්‍රකාශ කළේය.

ඒ අනුව නුගේගොඩ සිට අවිස්සාවේල්ල පාර, කොහුවල සිට පිළියන්දල - කැස්බෑව මාර්ගය, ගාලුපාරේ වාල්ලවත්තේ සිට, මාළඹේ සිට නවගමුව මාර්ගය, කිරිබත්ගොඩ සිට නුවරපාර, පෑලියගොඩ සිට මීගමුව පාර මෙලෙස පොල් අලෙවිය සිදු කෙරෙනු ඇත.

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පොල් මිල රුපියල් 80 ත් 100 ත් වේ.

පාරිභෝගිකයන්ට සහන මිළට පොල් ලබාදීමේ වැඩපිළිවෙලක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වගකිවයුතු නිලධාරීන්ට නියෝග කළේ පසුගිය සතියේය.

පොල් වගා කිරීමේ මණ්ඩලය සහන මිලට පොල් ලබාදීමේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ ඒ අනුවය.

- නෙත් නිව්ස්



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka