gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පදවියේ කුඹුරක දමා ගිය බලු පැටවුන් 70 කට කිරි දෙන බැල්ලිය - (Video)

බලු පැටවුන් 70ක්, බල්ලන් 15ක්, බැල්ලක් සහ මරාදැමූ බල්ලන් 9 දෙනෙකු පදවිය ප්‍රදේශයේ කුඹුරු යායක දමාගොස් ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

බලු පැටවුන් ගෙනත් දැමූ ස්ථානයේ තිබී සපත්තු පොලිෂ් ටින් 1ක් සහ බුරුසුවක්ද හමුවී තිබෙනවා.

එම කුඹුරේ හිමිකරු වූ පදවිය පරාක්‍රමපුර ප්‍රදේශයේ පදිංචි
ආර්.පී.සෝමතිලක පැවසුවේ පෙරේදා (18) උදෑසන සීසෑමට තම සොහොයුරාත් සමග ඔහු කුඹුරට පැමිණෙද්දී බලු පැටවුන් දුටු බවත් පසුව මේ පිළිබඳව පදවිය පොලිසිය සහ සෞඛ්‍ය සේවා කාර්යාලය දැනුවත් කළ බවයි.

පැය කිහිපයකට පසු පොලිස් නිළධාරීන් දෙදෙනෙකු පැමිණි බවත් අවට පරීක්ෂා කොට ඔවුන් නැවත ගොස් පැටවුන්ට කිරි සාදාගෙන පැමිණි බවත් කුඹුරේ හිමිකරු ප්‍රකාශ කළා.

කිරි බොන වයසේ පසුවන මෙම බලු පැටවුන් සියල්ලන්ටම කිරි දීමට සිටින්නේ එම බැල්ල පමණක් වන හෙයින් ඔවුන් හාමතේ බිම දිගාවී සිටින බවයි වාර්තා වන්නේ.

ඔවුන් පසුව බලු පැටවුන් 8 දෙනෙකු ගම්වාසීන්ට බෙදා දී ඇති අතර සිව්දෙනෙකු නිවසට රැගෙන ගොස් තිබෙනවා.

මරාදැමූ බල්ලන්ගේ ගෙලෙහි කඹ දක්නට ලැබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එම සත්වයන්ගේ ශරීර පොලිස් නිළධාරීන් සහ ප්‍රදේශවාසීන් විසින් වලදමා තිබුණා.

බලු පැටවුන්ගෙන් ජනතාවට සිදුවන හානිය වළක්වා ගැනීමට එන්නත් සිදුකරන බවත් ප්‍රාදේශීය සභාව සමග සාකච්ඡා කර මෙම සතුන් පිලිබඳ පියවරක් ගන්නා බවත් පදවිය ප්‍රාදේශීය සෞඛ්‍ය නිළධාරීවරයා ප්‍රකාශ කර තිබෙනවා.

වීඩියෝව පහතින්..

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka