gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නවතම වයිෆයි යන්ත්‍රවලට කසළ බැහැර කරන්නත් පුළුවන්

අග්‍රාමාත්‍යතුමාගේ සංකල්පයක් අනුව ආරම්භ වුණු නොමිලේ වයිෆයි ලබාදීමේ දීප ව්‍යාප්ත වැඩසටහනේ එක් පියවරක් ලෙස කොළඹ නගරය ආවරණය වන පරිදි වයිෆයි කලාප 100ක් ඇති කිරීමට පියවර ගෙන ඇත.

කොළඹ නගර සභාව මූලිකත්වයෙන් මෙහි මූලික පියවර ලෙස වයිෆයි කලාප 20ක් ඇති කිරීමේ කටයුතු මේ වනවිටත් සිදුකරමින් පවතී. ඒ
අතරින් වයිෆයි කලාප 10කට වැඩි ප්‍රමාණයක් දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙම පොදු වයිෆයි යන්ත්‍ර ආකර්ෂණීය පෙනුමකින් මෙන්ම අධිතාක්ෂණිකව නිමවා ඇති අතර වයිෆයි පහසුකම්වලට අමතරව ජංගම දුරකථන ආරෝපණය කිරීමේ පහසුකම් සහ සාමාන්‍ය කසළ බැහැර කිරීමේ පහසුකම් ද මෙම යන්ත්‍රය මගින් ලබා දේ.

වත්මන් තාක්ෂණික ලෝකය සමඟ ශ්‍රී ලාංකිකයන් සමීප කරවමින් නූතන ලෝකයේ දියුණු නාගරික ලක්ෂණ ශ්‍රී ලංකාවේ නගර තුළ ද ඇති කරවීම මෙම පරිසර හිතකාමී වයිෆයි යන්ත්‍ර පිහිටුවීමේ මූලික අරමුණයි.

මෙහි දෙවන පියවර ලෙස කොළඹ නගරය තුළ ඉතිරි වයි‍ෆයි කලාප 80 පිහිටුවීම සඳහා සුදුසු ස්ථානයක් හඳුනා ගැනීමට නියමිත අතර මීට අමතරව ‍මාතර, ගාල්ල, නුවර සහ නුවරඑළිය ආදී ලෙස පියවරෙන් පියවර ඉදිරියේ දී මෙම ව්‍යාපෘතිය දීප ව්‍යාප්තව දිවයිනේ අනෙකුත් ප්‍රදේශයන්හි ද ක්‍රියාත්මක කරවීමට නියමිතය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka