gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ද සන්ඩේ ලීඩර් පුවත්පතේ මුද්‍රණය නවතියි

ලීඩර් පබ්ලිකේෂන් ආයතනය විසින් මුද්‍රණය කරනු ලබන ද සන්ඩේ ලීඩර් (The sunday Leader) පුවත්පතේ මුද්‍රණ කටයුතු නවතා දැමීමට තීරණය කර ඇතැයි  වාර්තා වේ.

එම පුවත්පත් ආයතනය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටීම එම පුවත්පත මුද්‍රණය කිරීම නවතා දැමීමට හේතුවී ඇති බව පැවසේ.

කෙසේ වුවද එම ප්‍රකාශන ආයතනය විසින් ප්‍රකාශයට පත්කරන ලද
ඉරුදින පුවත්පතේද ප්‍රකාශන කටයුතු පසුගිය කාලයේදී අත්හැර දැමීය.

ආන්දෝලනාත්මක බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ හිටපු මුදල් අමාත්‍ය රවී කරූණානායක මහතාටද මෙම ප්‍රකාශන ආයතනයේ කොටස් හිමිකාරීත්වයක් ඇති බවට මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබුණි.

මේ සම්බන්ධයෙන් සන්ඩේ ලීඩර් (The sunday Leader) කර්තෘ ඊශ්වරන් රත්නම් මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ මේ සතියේ පමණක් පුවත්පතේ මුද්‍රණ කටයුතු නවතා දමන බවත් දිගටම නවතා දැමීමේ තීරණයක් නොමැති බවත්ය.







gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka