gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාසල් ළමුන්ට මදන මෝදක ගුලි දෙන්න ගිහින්

පාසල් ළමුන්ට විකිණීමට සූදානම් කර තිබූ ගංජා මිශ්‍ර මෝදක ගුලි 7500 ක්‌ සමගින් සැකකරුවකු මීගමුව විස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය මගින් මීගමුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෝදක  ගුලි 100 බැගින් අඩංගු පැකට්‌ 75 ක්‌ 34 හැවිරිදි සැකකරු සන්තකයේ තිබියදී අත්අඩංගුවට ගෙන තිබුණි.

 මීගමුව ඇතුළු අවට පාසල්වල සිසුන්ට ඉලක්‌ක කර ගනිමින් මෙම මදන
මෝදක ගුලි අලෙවි කිරීමට සූදානම්ව තිබූ බව පොලිසිය පවසයි. එක්‌ ගුලියක්‌ රුපියල් 100 කට අලෙවි වන බවද පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

මීගමුව කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අනුර සේනාරත්න සහ මීගමුව සහකාර පොලිස්‌ අධිකාරි ලලිත් රෝහණ ගමගේ යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය මත මීගමුව ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක උදය කුමාර වුඩ්ලර් මීගමුව කොට්‌ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ උ.පො.ප. ඒ. බී. රූපසේන යන නිලධාරීන් ඇතුළු පිරිසක්‌ වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක






gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka