gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාලක සිල්වා උසාවි නියෝග නොතකා ආයෙත් ක්ලබ් ගිහින්

බ්‍රිතාන්‍ය ජාතිකයකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැර සිටින හිටපු ඇමැති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතාට රාත්‍රි සමාජ ශාලාවලට ඇතුළු වීම වළකාලමින් පනවා ඇති ඇප කොන්දේසිය ඔහු විසින් උල්ලංඝනය කර තිබේදැයි සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළේය.

එම පැමිණිල්ල ඊයේ (24) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් දමින්ද
වැලිගොඩපිටිය මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී අගතියට පත් බ්‍රිතාන්‍ය ජාතිකයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ සැකකාර මාලක සිල්වාට ඇප නියම කිරීමේදී රාත්‍රි සමාජ ශාලාවලට ඇතුළු වීම තහනම් කරමින් ඇප කොන්දේසියක් නිකුත් කළ බවයි. එම ඇප කොන්දේසිය සැකකරු විසින් උල්ලංඝනය කර ඇතැයි සඳහන් කළ එම නීතිඥවරු ඒ පිළිබඳව සොයා බැලීමේ නියෝගයක් පොලිසිය වෙත නිකුත් කරන්නැයි ඉල්ලා සිටියහ.

එම ඉල්ලීමට විරෝධය පළකළ සැකකාර මාලක සිල්වා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියහ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka