gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සයිටම් ගැන අවසන් තීන්දුව අද

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවසන් තීරණය අද(25) ප්‍රකාශයට පත් කරනු ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් අද දෙරණ කළ විමසීමකදී සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ලේඛකාධිකාරී එබ්ලිව්.එච්.ආර් හුසේන් මහත්මිය පැවසුවේ
සයිටම් වෛද්‍ය විද්‍යාලයට අදාළ තීරණය සම්බන්ධයෙන් ආණ්ඩුව මේ වන විටත් දැනුම් දී නොමැති බවයි.

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ බහුතර කොටස් ප්‍රමාණයක් මාලබේ තොරතුරු තාක්ෂණ ආයතනයට පැවරීමට ආණ්ඩුව තීරණය කර ඇත්දැයි කළ විමසීමේදී ඒ සම්බන්ධයෙන් ද තමා දැනුවත්ව නොමැති බව හුසේන් මහත්මිය පැවසුවාය.

මේ අතර ආචාර්ය හර්ෂද සිල්වා නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් නිකුත් කළ කමිටු වාර්තාව මඟින් ද මාලබේ තොරතුරු තාක්ෂණ ආයතනය වැනි ආයතනයක් සමඟ සයිටම් වෛද්‍ය විද්‍යාලය  එක් කිරීම පිළීබඳව යෝජනා වී තිබූ බව සයිටම් වෛද්‍ය විද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස කටයුතු කරන මහාචාර්ය නෙවිල් පෙරේරා මහතා කියා සිටියේය.

ඔහු පැවසුවේ මාලබේ තොරතුරු තාක්ෂණ ආයතනයට සයිටම් වෛද්‍ය විද‍්‍යාලයේ බහුතර කොටස් ප්‍රමාණයක් පැවරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

මේ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හදිසි රැස්වීමක් අද කැඳවා තිබේ.

වෛද්‍ය සභාවේ සියලු සාමාජිකයන්ට අද පස්වරු 01.00 ට වෛද්‍ය සභාවේදී පැවැත්වෙන එම සාකච්ඡාව සඳහා සහභාගී වන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ඉදිරිපත් කර ඇති වෛද්‍ය විද්‍යාල සඳහා අවශ්‍ය අවම ප්‍රමිතිය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා ඇති බව සඳහන් වෙයි.

මේ අතර සයිටම් ආයතනයේ අවම ප්‍රමිතිය සම්බන්ධයෙන් වූ විසදුම් ඇතුළත් කොට සකස් කරන ලද වාර්තාවක් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අදාළ පාර්ශව වෙත යවා තිබේ.

එහි එක් පිටපතක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා වෙත ද යවා ඇති බව වාර්තා වෙයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka