gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සැමියාට ඇප අත්සන් කළ බිරිඳට හිරේ යන්න වෙලා

පුද්ගලයකුට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලැබ අධිකරණයට ඉදිරිපත් වූ සිය සැමියා වෙනුවෙන් රුපියල් ලක්‌ෂයක ශරීර ඇප තැබූ කාන්තාවකට මාස 6 කට සිරගත වීමට සිදු වූ සිද්ධියක්‌ බළන්ගොඩ අධිකරණයෙන් වාර්තා විය.

බළන්ගොඩ වෙලේකුඹුර ප්‍රදේශයේ පදිංචි ටී.පී.ඩබ්ලිව්. සේපාලිකා
සමන්මලී (24) නමැති මෙම දෙදරු මවට අවුරුදු දෙකක හා අවුරුදු තුනක වයසේ පසු වන පිරිමි දරුවන් දෙදෙනකුද සිටී. එහෙත් සිය සැමියා අදාළ ඇප මත මුදාහැරීමෙන් පසුව ප්‍රදේශය මඟහැර ගොස්‌ අධිකරණයට ද නොපැමිණි හෙයින් ඇපකාරිය වූ ඇයට මෙම තත්ත්වයට මුහුණ දීමට සිදු විය. එහිදී අදාළ ඇප මුදල වූ රුපියල් ලක්‌ෂයක මුදල ගෙවීමට අධිකරණයෙන් නියෝග කළ අතර එම ඇප මුදල ගෙවීමට අපොහොසත් වූ හෙයින් මාස 6ක සිර දඬුවම් නියම කරනු ලැබුවේ බළන්ගොඩ මහෙස්‌ත්‍රාත් දුමින්ද පී. මුදුන්කොටුව මහතා විසිනි.

මෙම තත්ත්වය මත දරුවන් දෙදෙනා බලා ගැනීමේ කාර්යය කාන්තාවගේ මවට පැවරී ඇත. නමුත් ඔවුන්ගේ පවුලේ ආර්ථික තත්ත්වය ද ඉතා පහළ මට්‌ටමක පවතී. මේ කුඩා දරුවන් දෙදෙනාට මවත් - පියාත් දෙදෙනාගේම සෙනෙහස අහිමි වී ඇත. එබැවින් මොවුන්ගේ ඥාතීන් පවසන්නේ මෙම රුපියල් ලක්‌ෂයක මුදල ගෙවා දැමීමට කවුරුන් හෝ ඉදිරිපත් වුවහොත් මැයට නිදහස ලබා ගැනීමට හැකි වන බවයි.

මේ තත්ත්වය පිළිබදව නීතිමය තත්ත්වය බළන්ගොඩ නීතිඥ සංගමයේ සභාපති අධිනීතිඥ දේශබන්දු සූරියපටබැදි මහතාගෙන් විමසීමක්‌ කළෙමු. ඒ මහතා මෙසේ ප්‍රකාශ කර සිටියේය.

තම සැමියා බේරා ගැනීමට ඇප අත්සන් කළ බිරිඳට යම් හානියක්‌ සිදු වී ඇත. බොහෝ දෙනා ඇප අත්සන් කිරීම ගැන මනා අවබෝධයක්‌ නැත. එම ගිවිසුම් පතේ ඇති කොන්දේසි ගැන ද අවබෝධයක්‌ නැත. එවැනි තත්ත්වයන් හමුවේ චූදිතයා ඉදිරිපත් කිරීමට නොහැකි වූවොත් ඇපකරුට මුදල ගෙවීමට හෝ ද`ඩුවම් විඳීමට සිදු වේ.

එනමුත් මෙම ද`ඩුවමට ලක්‌ වූ කාන්තාවට කුඩා දරුවන් දෙදෙනකු සිටින බවත් මානසික රෝගී තත්ත්වයක්‌ නිසා මාස ගණනාවක්‌ ඇය ප්‍රතිකාර ගන්නා බවත් පවුලේ ආර්ථිකයේ ඇති ඌණතාත් අධිකරණට වාර්තා වී නැත. එසේම මෙම කාන්තාවගේ සැමියා අධිකරණයට ඉදිරිපත් නොකිරීමට පිළිගත හැකි කරුණු අධිකරණයට වාර්තා කළා නම් මෙම කාන්තාවට යම් සහනයක්‌ ලබා ගැනීමට ඉඩකඩ තිබුණි. මෙම කුඩා දරුවන් දෙදෙනා රැකබලා ගැනීමට සිටින ආච්චි අම්මා රෝගී තත්වයෙන් පසුවන බවද දැනගැනීමට ලැබී තිබෙනවා. මේ පිළිබඳව කවුරුන් හෝ ඉදිරිපත් වී දඩ මුදල ගෙවා දැමුවහොත් මෙකී කාන්තාවට නිදහස ලබා ගතහැකි බව නීතිය පැත්තෙන් සඳහන් කළ හැකි බවද අධිනීතීඥ දේශබන්දු සූරියපටබැඳි මහතා ප්‍රකාශ කළේය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka