gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එජාපයේ ඇඟිල්ල ශ්‍රීලනිපයට දිගු කිරීම ගැන සන්ධාන මහලේකම් කතා කරයි

මැතිවරණය තවදුරටත් කල්යෑමේ වගකීම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය භාරගත යුතු බවට එක්සත් ජාතික පක්ෂය සිදුකළ ප‍්‍රකාශයට එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ප‍්‍රතිචාර දක්වනවා.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන ඊයේ (28)
කියාසිටියේ පළාත් පාලන මැතිවරණය තවදුරටත් ප‍්‍රමාද වන්නේ නම් එහි වගකීම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය භරගත යුතු බවයි.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍ය මහින්ද අමරවීර කියාසිටියේ ජනතාව අපේක්ෂා කරන නව ක‍්‍රමවේදයක් යටතේ මැතිවරණය පැවැත්වීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය වූ බවයි.

එහිදි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ "ඡන්දය කල් දැමීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිසේත් වගකිවයුතු නැහැ. අලුත් ක්‍රමයකට මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කරන සියලු ක්‍රියාමාර්ග අපේ පක්ෂය ඉතා කඩිනමින් අරගෙනයි තිබුණේ. හැබැයි සමහර පක්ෂවලට අවශ්‍ය වුණා පරණ ඡන්ද ක්‍රමයට යන්න.. එහෙම අය තමයි මේ වැඩපිළිවෙළ අවුල් කරන්න කටයුතු කළේ. එහෙම අය තමයි දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට චෝදනා කරන්නේ." යනුවෙනි.

-මේනකා රත්නායක

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka