gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බස්වලට GPS සවිකර කර ගැරිල්ලේ කෙරිල්ල මෙන්න

ජාතික ගමනා ගමන කොම්ෂන් සභාව අන්තර් පළාත් බස්රථ නියාමනයට හදුන්වා දුන් ජී පී එස් (GPS) තාක්ෂණය සම්පුර්ණයෙන්ම අසාර්ථක වීම නිසා රුපියල් මිලියන ගණනක අලාභයක් සිදුව ඇති බව වාර්තා වේ.

බස් රථ නියාමනය සදහා ගොඩනැගිල්ලක කොටසක් රුපියල් මිලියන 20කින් නවීකරණය කර ඇති අතර තාක්ෂණ ජාලය වැඩි දියුණු කිරිසට ද
රුපියල් මිලියන 17ක් වැය කර ඇති බව පැවසේ.

රුපියල් මිළියන 79ක් වැයකර බස් රථවල  සවී කරන ලද ජී පී එස් (GPS) තාක්ෂණික උපකරණ1,307න් ක්‍රියාවිරහිත උපකරණ ද ඇතැයි පැවසේ.

මීට අමතරව අන්තර් පළාත් බස් රථවල හා පළාත තුළ ධාවනය වන බස් රථවල කාල සටහන්  කොළඹ බැසිටියන් මාවත, අනුරාධපුරය කුරුණැගල, නුවර එළිය, කතරගම , රන්න හා පුත්තලමයන ස්ථාන වල රුපියල් මිළියන62ක් වැය කරමින්  සවිකරන ලද විද්‍යුත් පුවරු ද අක්‍රියව ඇති බව වාර්තා වේ.

එසේම 2014 දී ජාතික ගමනා ගමන කොමෂන්  සභාවේ සභාපතිවරයාට මහා භණ්ඩාගාරය ලබාදුන් අනුමැතියට වඩා රුපියල් මිලියන 1.2ක් වැඩියෙන් වැය කර මෝටර් රථයක් මිලදී ගෙන ඇති බවද හෙළිව තිබේ.

සභාපතිවරයා වෙනුවෙන් මිලදී ගැනීමට මහා භාණ්ඩාගාරයෙන් අනුමත කර ඇත්තේ රුපියල් මිලියන 08ක මෝටර් රථකි.

කෙසේවුවද, සභාපතිවරයා වෙනුවෙන් මිලදී ගෙන ඇති මෝටර් රථයේ වටිනාකම රුපියල් මිලියන 9.2කි.

ඒ අනුව අදාළ මෝටර් රථය මිලදීගෙන ඇත්තේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ  නිර්දේශවලට ද පටහැනිවය..


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka