gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සුඛෝපභෝගී ජීප් රථයෙන් කුඩු බෙදලා

බදුල්ල දිස්ත්‍රික්කයට මත්කුඩු බෙදාහරින බව කියන ප්‍රධාන ජාවාරම්කරුවන් දෙදෙනෙක් හෙරොයින් ග්‍රෑම් 17 යි මිලි ග්‍රෑම් 91 ක් සමග බදුල්ල දිස්ත්‍රික් විෂමත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අවුරුදු 33 සහ36 යන වයස් කාණ්ඩවල පසුවන මෙම සැකකරුවන්
දෙදෙනා තිස්සමහාරාම ප්‍රෙද්ශයේ පදිංචි කරුවන් වන අතර හපුතලේ ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන එහි නතරවි බදුල්ල, බණ්ඩාරවෙල, වැලිමඩ, හපුතලේ, හල්දුම්මුල්ල, හාලිඇල, දියතලාව, ඇල්ල, පස්සර, මහියංගනය, මීගහකිවුල යන ප්‍රදේශ වලට සුඛෝපබෝගි ජීප්රථයෙන් ගොස් මෙම ජාවාරම කර ඇති බවද අනාවරණය වී තිබේ. මෙම ජීප්රථය මෙම සැකකරුවෙකුට අයත් එකක් බවද විමර්ශන වලදි අනාරවණය වු බවද පොලිසිය කියයි.

මෙම එක් සැකකරුවෙක් තිස්සමහාරාම ප්‍රදේශයේ පුද්ගලික මූල්‍ය ආයතනයක කළමණාකරුවෙක් ලෙස කලක් සේවය කර ඇති අතර මත්කුඩු භාවිතයට ඇබ්බැහි වුවෙක් බව ද අනාවරණය වී ඇත.

පැකට් 210 කට අසුරණ ලද මෙම හෙරොයින් පැකට් එකක් රුපියල් 2500 බැගින් විකුණන බවත් දුරකතන මගින් විදුයුත් ක්‍රමයට මුදල් ලබාගෙන විදුලි කණුයට, බෝක්කු තුළ හා වෙනත් දැනුම් දුන් ස්ථානවල දමායන බවත් සැකකරුවන් විසින් අනාවරණය කළ බව පොලිසිය සදහන් කරයි.

පැකට් කළ හෙරොයින් වලට අමතරව පැකට් නොකළ හෙරොයින් පාර්සලයක්ද මෙම වැටලීමේදි සොයාගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් හෙරොයින් වල මුලු වටිනාකම රුපියල් ලක්ෂ 9 ක් පමණ වන බවද පොලිසිය සදහන් කරයි.

බදුල්ල මධ්‍ය මහා විද්‍යලයට නුදුරින් පිහිටි පුද්ගලික බැංකුවක් අසලදි සැකකරුවන් දෙදෙනා මෙම ජාවාරමට පැමිණ සිටියදී ඔවුන් පැමිණි සුබෝපබෝගී ජිප්රථයත් සමගම අත්අඩංගුවට ගත් බවත් ජීප්රථයේ සහ සැකකරුවන්ගේ කලිසම් සාක්කුවල තිබී මෙම හෙරොයින් සොයාගත් බවත් පොලිසිය පවසයි.

මේ ජාවාරම සදහා උපයෝගි කරගත් බවටසැකකරන ජංගම දුරකථන 11 ක්ද හා කුඩු විකුණා ලද බව කියන රුපියල් 24000 ක මුදලක්ද සැකකරුවන් ලඟ තිබි සොයාගෙන තිබේ.

ඌව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අරුණ ප්‍රේමශාන්ත බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධම්මික විරසේකර සහකාර පොලිස් අධිකාරි උදිත් ලියනගේ සහ බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක විපුල තෙන්නකෝන් යන මහත්වරුන්ගේ උපදෙස් මත බදුල්ල දිස්ත්‍රික් විෂමත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්ථානාධිපති උ.පො.ප යල්කුඹුර , උ.පො.ප . තුෂාර,පො.සැ. 3949 වීරසිංහ , පො.සැ. 48439 ස්ටැන්ලි, පො.කො. 54148 ගුණසේකර , 39361 රාජපක්ෂ, 60162 ප්‍රියන්ත , 80892 නිරෝෂන යන නිලධාරිහු වැඩිදුර විමර්ශන සිදුකරති.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka