gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

CSN නාළිකාවේ බලපත්‍රය අවලංගු කර වසරයි

ආණ්ඩුව විසින් පදනම් විරහිතව අසත්‍ය චෝදනා යටතේ සී.එස්.එන්. (CSN) රූපවාහිනි නාළිකාවේ බලපත්‍රය අවලංගු කරන ලද බව එම නාළිකා ප්‍රධානී සහ අධ්‍යක්ෂ රොහාන් වැලිවිට මහතා පවසයි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ, සී.එස්.එන්. නාළිකාවේ බලපත්‍රය අවලංගු කර වසරක් පිරීම සිහිකරමින් නිවේදනයක් නිකුත් කරමිනි.

රූපවාහිනි නාළිකාවක් තහනම් කිරීම සඳහා අදාළ රටේ සංස්කෘතියට
හානි කිරීම, ආගමික සහ ජාති භේද ඇති කිරීම, රාජ්‍ය විරෝධී ප්‍රචාර නිකුත් කිරීම, අසභ්‍ය දර්ශන ඇතුළත් සහ අසත්‍ය පුවත් ඇතුළත් වැඩසටහන් විකාශය කිරීම සහ අදාළ අංශවල අවසරයක් නොමැතිව විකාශය, පැය විසිහතරකට වැඩි කාලයක් නවතා තිබිය යුතු බව පෙන්වා දෙන වැලිවිට මහතා, ප්‍රකාශ කරනුයේ සී.එස්.එන්. (CSN) නාළිකාව එවැනි වැඩසටහන් විකාශය කර හෝ විකාශය නතර කිරීමක් සිදුකර හෝ නොමැති බවය.

ලිපිනය වෙනස් කිරීම :

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ එවකට සිටි ලේකම්වරයා 2016.10.24 දිනැති ලිපිය මඟින් සී.එන්.එස්. නාළිකාවේ විකාශන බලපත්‍රය අවලංගු කරන ලද අතර එහි පරීක්ෂණයක් සිදු කළ බවට සඳහන් කළද අමාත්‍යාංශය විසින් කිසිදු පරීක්ෂණයක් බලපත්‍රය අහෝසි කිරීමට පෙර සිදුකර නොමැති බවද ඔහු පෙන්වා දෙයි.

එම ලිපිය මඟින් චෝදනා තුනක් තම නාළිකාවට දන්වා එවා තිබූ බව සඳහන් කරන වැලිවිට මහතා ප්‍රකාශ කර සිටිනුයේ පළමු චෝදනාව ලෙස ලිපිනය වෙනස් කිරීම දන්වා තිබුණද ඒ පිළිබඳව අමාත්‍යාංශයට ලිඛිතව දන්වා යවන ලද බවයි.

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් හෝ කොටස් හිමියන් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂයන්හි සාමාජිකයන් බව දෙවැනි චෝදනාව ලෙස ඉදිරිපත් කළද අධ්‍යක්ෂ මණ්ඩලයට අයත් හෝ කොටස් හිමියන්ගෙන් කිසිදු පුද්ගලයකු ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක සාමාජිකයන් නොවන බව පෙන්වා දෙන වැලිවිට මහතා ප්‍රකාශ කරනුයේ ගිණුම් වාර්තා සියල්ලම අදාළ රාජ්‍ය ආයතනයන්ට නිසි අයුරින් නිසි කලට යවා ඇති බැවින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා හට ගිණුම් වාර්තා ලබා නොදීම පිළිබඳව එල්ල කරන චෝදනා පිළිගත නොහැකි බවයි.

මේ තත්ත්වය ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට වැට බැඳීමක් බවද සී.එස්.එන්. නාළිකාවේ අධ්‍යක්ෂවරයා අවධාරණය කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka