gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නඩු මාරුවෙන් කොටු කරන්න හැදු දේශපාලන සිරකරු නිදහස්

ත්‍රිකුණාමලයේ පැවති නඩුවක් කොළඹට මාරු කොට දඩුවම් කිරිමට සිරගත කර සිටි දෙමළ දේශපාලන සිරකරුවෙකු දස වසරකට පසු නිදහස් ලබා ගෙදර ගොස් තිබේ.

පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගත් බවට 2007 ජුනි 29 දින අත්අඩංගුවට ගත් කනගරත්නම් ජිවරත්නම් නැමැත්තා කොළඹ මහාධිකරණ විනිසුරු
පියසේන රණසිංහ මහතා විසින් 26 බ්‍රහස්පතින්දා මෙසේ නිදොස් කොට නිදහස් කල බව නිතිඥ කේ.එස් රත්නවේල් මහතා කියා සිටියේය.

මෙම නඩුව ත්‍රිකුණාමලය මහාධිකරණයේ විභාග වෙමින් තිබි ඇති අතර නීතිපතිවරයා විසින් 2015 දෙසැම්බර් මාසයේදී එය කොළඹ මහාධිකරණයට මාරු කර යවා ඇත.

“ත්‍රිකුණාමලයේදී මේ නඩුව එයාලට අවාසි වෙන බව ඒ අය දැන ගත්තා ඒ නිසා කොළඹට මාරු කලා” යැයි චෝදනා කල නිතිඥ වරයා කොළඹ අධිකරණයෙන් ඔහුගේ නිර්දොෂි භාවය ඔප්පු කල බව කියා සිටියේය.

නාවික හමුදාව හා රස පරික්ෂක:

නාවික හමුදාව විසින් පුපුරණ ද්‍රව්‍ය කිලෝ 1000 ඇති බවට චෝදනා කර තිබුණද රස පරික්ෂක වාර්තාවේ එය කිලෝ 40 ලෙස සඳහන් වී තිබී ඇති අතර නාවික හමුදාව ඉදිරිපත් කරන ලද සාක්ෂි පරස්පර බවට කොළඹ මහාධිකරණය තීන්දු කර තිබේ.

ත්‍රස්වාදය වැළැක්විමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති කනගරත්නම් ජිවරත්නම් අවුරුදු 10 මාස 04 සිරගතව සිටි බව නිතිඥ කේ.එස්. රත්නවේල් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

(ceylonjournals)


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka