gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කෝටිපති ව්‍යාපාරිකයාගේ මැණික් හොරා අසුවෙයි

බේරුවල පත්තකඩේ ප්‍රදේශයේදී කෝටිපති මැණික් ව්‍යාපාරිකයකුගේ රුපියල් ලක්ෂ අනූවක් පමණ වටිනා මැණික් ගල් තොගයක් සොරාගත් පුද්ගලයකු බේරුවල පොලිසිය මඟින් පෙරේදා (24දා) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී සොරාගත් රුපියල් ලක්ෂ අනූවක් පමණ
වටිනා මැණික් ගල් තොගයක්ද පොලිසිය මඟින් සොයාගෙන ඇත.
මෙම කෝටිපති ව්‍යාපාරිකයා මැණික් ගල් තොගයද රැගෙන ඉකුත් සැප්තැම්බර් 21දා රත්නපුර සිට බේරුවල පත්තකඩේ මැණික් අලෙවි කරන ස්ථානයකට පැමිණ තිබිණි.


 ඔහුගෙන් වෙනත් පුද්ගලයකු මිලදී ගත් මැණික් ගලකට තත්ත්ව වාර්තාවක් ගැනීම සඳහා පිටතට පැමිණ ඇත්තේ මැණික් ගල් තොගය එහි තිබියදීය.

විනාඩි දෙක තුනක කාලයකදී මැණික් ගල් ගැන සිහිවී නැවත පැමිණ බලද්දී එය අස්ථානගතවී ඇති බව දුටු ව්‍යාපාරිකයා මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබිණි.

බේරුවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජනක විතානගේ මහතා එම පුද්ගලයාගෙන් අස්ථානගත වූ මැණික් ගල් පිළිබඳ විස්තර වාර්තාවක් ලබාගෙන ඒ බව බුද්ධි නිලධාරීන් මඟින් තොරතුරු සොයා බැලීමේදී අත්අඩංගුවට ගත් සැකකරු නැතිවූ මැණික් ගල් වර්ගයේ ගලක් විකිණීමට පැමිණි බවට තොරතුරු ලැබී ඇත.

ඒ අනුව එම ස්ථානයට ගිය පොලිස් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී මැණික් ගල් සොරකමේ සුල මුල හෙළි වී තිබේ. සොරාගත් මැණික් ගල් ඉන්දියන් ජාතික ගැනුම්කරුවකුට ඇතුළු විවිධ පුද්ගලයන්ට විකිණු­­­ බවට පොලිසියෙන් අනාවරණය කරගෙන ඇත.

ඔහුගේ ප්‍රකාශ හා මඟ පෙන්වීම මත එලෙස විකුණු­­ රුපියල් ලක්ෂ අසූවක පමණ වටිනා මැණික් ගල් 47 සොයාගැනීමට පොලිස් නිලධාරීන්ට හැකිවී තිබේ. රුපියල් ලක්ෂ 10 පමණ මැණික් ගල් සැකකරුගෙන් මිලදී ගත් ඉන්දියන් ජාතිකයා මේ වනවිට ඉන්දියාවට ගොස් ඇති බවට පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
සැකකරු 61 වියැති බේරුවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු වන අතර ඊයේ කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

බේරුවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක විතානගේ මහතගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සනත් කුමාර, උප පොලිස් පරීක්ෂක පොන්සේකා මහත්වරු පරීක්ෂණ පවත්වති.

කොළඹ - එම්.සී. පෙරේරා, බේරුවල - ඩී.එම්. ගුණසේන, අලුත්ගම - කේ.ඩී. පවුලිස්


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka