gossip lanka

ඉසුරු හොයා ගිය ලාලනී පැතුම් සුන් වී රෝහලේ

දහසක්‌ පැතුම් ඉටුකර ගැනීමත් තම දියණියන් තිදෙනාගේ අනාගතය සාරවත් කර ගැනීමටත් ඊශ්‍රායල් රටේ ගෘහ සේවිකාවක්‌ වශයෙන් එරටට ගොස්‌ හදිසියේම අසනීප තත්ත්වයක්‌ හේතුවෙන් සිහි මුර්ජාවීම හේතුවෙන් රෝහල් ගත කර සිටින මුගුණුවටවන ආරියගම ආර්. එම්. අශෝකා ලාලනීව සුවකර නැවත ශ්‍රී ලංකාවට එවීමට නම් එම රෝහලේ ගාස්‌තුව වශයෙන් රුපියල් ලක්‍ෂ 35 ක්‌ අවශ්‍ය බව ශ්‍රී ලංකාවේ සිටින
අහිංසක ඇගේ දියණියන් වෙත දන්වා එවා ඇති බව එම දූවරු හඬා වැළපෙමින් පැවසුවෝය.

අශෝකා ලාලනී තිදරු මවකි. තමාට දාව සිටින තම දියණියන්ගේ ඉදිරි අනාගතය වෙනුවෙන් ඇය යස ඉසුරු ගෙන ඒමේ ෙච්තනාවෙන් විදෙස්‌ගතව ඇත්තේ 2008 වර්ෂයේ ජුනි 26 වැනි දින බඩල්ගම නගරයේ විදේශ රැකියා ආයතනයෙනි.

නමුත් එදින සිට ඇයට මේ දක්‌වා එම රැකියාවෙන් වගතුවක්‌ නම් සිදුව නැති බව ඇයගේ දියණියන්ගෙන් දැනගත හැකි විය. පළවැනි දුව අනෝජා මධුශානි 32, දෙවැනි දුව චතුරිකා හේෂානි 24, තෙවැනි දුව 20 හැවිරිදිය. ඇගේ නම පූර්ණා කල්පනීය.

අශෝකා ලාලනීගේ ස්‌වාමිපුරුෂයා වන අබේරත්න බණ්‌ඩා වික්‍රමසිංහ මහතා අප සමඟ මෙසේ කීය. "අපේ මනුස්‌සයා රට ගිය කාලසීමාවේ ඉඳලා දෙසැරයක්‌ ලංකාවට ආවා. හරි ගෙදරක රැකියාවක්‌ ලැබුණේම නැහැ කීවා. මීට හය මාසයකට පමණ කලින් ඇවිත් ඉඩමක්‌ බලල කීවා මම ලොකු සීට්‌ටුවක්‌ දමල තිබෙනවා. ඒක අරගත්තු ගමන්ම මම ලංකාවට ඇවිත් ඒක අරං දානවා කියා.

නමුත් එයා එතරම් සනීප තත්ත්වයකින් නෙමේ හිටියේ. ඔය ගියෙත් වීසා ඉවර වෙන්න කලියෙං කීවා. අර සීට්‌ටුව අරගන්න දිනය කිට්‌ටුව තමා ඔය කරදරය වෙලා තියෙන්නේ. එයා තවම සිහියක්‌ නැතිව ඊශ්‍රායලේ නාසරත් සිටිවල රන්බබා කියන රෝහලේ බව නිතර එයාගේ මිතුරියන් කියනවා එයා රෝහලේ ඉන්න ඡායාරූපයක්‌ වයිබර් කර එව්වා. ඒකෙන් මෙය ඇත්තක්‌ බව ඔප්පු වුණා. අපට දැන් ඇති එකම ප්‍රශ්නේ මෙයාව ගෙන්න ගන්න සල්ලි නැති එක".

ඇගේ දියණියක්‌, වන චතුරිකා හේෂානි 24 "අපේ අම්මව සනීප කරල ලංකාවට එවන්න රුපියල් ලක්‍ෂ 35 ක්‌ ඒ රෝහලට ගෙවන්න අපි ගාව සල්ලි තිබුණා නම් මේ රටේම ඒ මුදලින් ජීවත් වෙන්න තිබුණානේ. ඉතින් අපේ අම්මාව ගෙන්වා ගන්න ඊශ්‍රායලේ අපේ තානාපති කාර්යාලය මැදිහත් නොවන්නේ ඇයි කියලා දැනගන්න බැරිව අපි ලතවෙන්නේ. අපි මේ බව ශ්‍රී ලංකාවේ විදේශ සේවා කාර්යාංශයට කීප වරක්‌ම ගියත් හෙට එන්න. බලමු කියා දෙපාරක්‌ම අපව රත්තියාදු කළා. අපට මෙතරම් මුදලක්‌ නැහැ. එතනින් අපේ අම්මව මේ රටේ වගකිව යුතු බලධාරීන් එකතු වෙලා අම්මව ගෙන්වා ගන්න සාධාරණයක්‌ ඉටු කරල දෙන්න කියා මම ඉල්ලනවා. අම්මා වැඩකරන නිවස තුළ කටින් සෙම දමමින් වැටී සිටියාලු පසුව රෝහලට ඇතුල් කර තිබෙනවා. තවම එයාට සිහිය ඇවිත් නැහැ. දැඩි සත්කාරේලු ඉන්නේ.

අම්මා ඒ රටේ රෝහලේ ප්‍රතිකාර ගන්න දැඩි සත්කාර ඒකකයේ දර්ශනයක්‌ යාළුවෙක්‌ අපට ෙµdaන් එකෙන් එවා තිබෙනවා."


gossip lanka