gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඥාති පුතකු අපයෝජනය කළ පුංචි අම්මා වසර 21ක් හිරේ

වයස  අවුරුදු 15ක පමණ බාල වයස්කාර තම ඥාති පුතෙකුව බරපතල ලිංගික අපයෝජනයකට ලක් කරන ලද ඔහුගේ පුංචි  අම්මා කෙනකු චෝදනා තුනකට වරදකාරියක බව නිගමනය කළ අනුරාධපුර විශේෂ මහාධිකරණය ඇයට වසර

 21ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය. එක්
අධිචෝදනාවකට වසර හත බැගින් වෙන් වෙන් වශයෙන්  බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කෙරුණු අතර 21 වසරක බරපතල වැඩ සහිත සිර දඩුවම වසර 7කින් ගෙවී  යාමටද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා නියෝග කළේය. ඊට අමතරව අධිචෝදනා තුනට වෙන් වෙන්ව රුපියල් 500 බැගින් විත්තිකාරියට දඩ නියම කළ විනිසුරු ඇයට මාස 3 බැගින් වෙන් වෙන් වශයෙන්  සිර දඬුවම් නියම කෙරිණි.

2007 වසරේ ජූලි මස 10 වන දින සහ 2008  වසරේ ජූනි මස 31 වන දින අතර කාලයේ අනුරාධපුර මහාධිකරණ බල ප‍්‍රදේශයට අයත් මරදන්කඩවලදි විත්තිකාරිය මෙම වරද සිදු කර ඇති බවට ලංකා දන්ඩ නීති සංග‍්‍රහයේ 365 ආ (2) ආ වගන්තිය ප‍්‍රකාරව අධිචෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකාර කාන්තාවට එරෙහිව අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

බාල වයස්කාර පිරිමි දරුවකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ වරදකට කාන්තාවකට මෙරට මහාධිකරණයකින් මෑත කාලයේ  21 වසරක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කළ ඉතිහාසයේ ප‍්‍රථම අවස්ථාවද මෙයවීම විශේෂත්වයකි



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka