gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලිපියක් නිසා තෙල් සේවකයෝ යළිත් නොසන්සුන්

ත‍්‍රිිකුණාමලය චීන වරාය තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ආණ්ඩුව තමන් සමග එළඹි එකඟතා මේ වනවිට බිඳ දමා ඇති බව ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව පවසනවා.

එහි කැඳවුම්කරු ඩී. ජේ. රාජකරුණා කියා සිටියේ මේ සම්බන්ධයෙන්
තමන්ට සාකච්ඡාවක් ලබා දෙන ලෙස අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලිීමක් කළ බවයි.

එහිදී ඔහු සඳහන් කළේ "අගමැතිවරයා අපිත් සමග එකඟ වුණේ අධිකරණ තීන්දුව එනකම් ඉන්දියාවත් සමග තෙල් ටැංකි ගනුදෙනුව පිළිබඳ කිසිදු පියවරක් ගන්නේ නැහැ කියලයි. නමුත් පසුගිය දවසක මලික් සමරවික්‍රම ඇමතිවරයා විසින් අගමැතිවරයාට ලිපියක් යවමින් සඳහන් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් ඉන්දියන් ඔයිල් සමාගමත් තෙල් සංස්ථාවත් අතර ඒකාබද්ධ ගිවිසුමකට යන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා. මේ පියවර අප සමග පැවැති එකඟතා සම්පූර්ණ බිඳ හෙළීමක් හැටියටයි අපි දකින්නේ." යනුවෙනි.

කෙසේවෙතත් සිරිකොත පක්ෂ මුලස්ථානයේ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කියා සිටියේ ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයෙන් කොටසක් ඉන්දියාවට පැවරීම කිසිඳු ගැටලූවක් නොවන බවයි.

මෙම තෙල් ටැංකි ඉන්දියානු සමාගමකට ලබා දීමට විරෝධය පළ කරමින් තෙල් සංස්ථා සේවකයන් පසුගියදා දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකටද එළඹුනා. එහිදී රට පුරා තෙල් සැපයුමද අඩාලව පැවතියා.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka