gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොළොන්නාවේ තරුණියක් හා පාසල් සිසුවියන් දෙදෙනෙක් අතුරුදන් -(photos)

කොලොන්නාව සාලමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි විවාහක තරුණ කාන්තාවක් සහ තවත් පාසල් සිසුවියන් දෙදෙනෙකු අතුරුදන්වී ඇතැයි පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ වයස වුරුදු 19 වූ මලිති වත්සලා පෙරේරා,
වයස වුරුදු 15ක් වූ යෂන්ති මදුෂානි පෙරේරා සහ වයස අවුරුදු 14ක් වූ සචිත්‍රා නමැති අයයි.

19 හැවිරිදි විවාහක මලිති වත්සලා පෙරේරා නමැති අයට අවුරුදු එකහමාරක දරුවෙකුද සිටින බව සඳහන් වේ.

පසුගියදා (14) දහවල් 2.30 ට පමණ අසල්වැසියන් වන මෙම තිදෙනා ඇඳුම් ගැනීම සඳහා නිවසින් පිටවී ඇති බවත් ඉන් අනතුරුව ඔවුන්ගෙන් තොරතුරක් නොවූ බවත් දෙමාපියන් පවසයි.

කෙසේවෙතත්ඊ යේ (16) උදෑසන යෂන්ති මදුෂානි පෙරේරා නමැති අයගේ සහෝදරයෙකුගේ දුරකතනයකට ඇය ඇමතුමක් ලබා දී තිබෙනවා.

ඇමතුම ලබා දෙමින් යෂන්ති සහෝදරයාට කියා තිබෙන්නේ මෙම දුරකථන අංකයට යළි ඇමතුමක් නොදෙන ලෙසයි.

මේ හේතුවෙන් අතුරුදන් වූ අයගේ දෙමාපියන් මොවුන් කිසියම් පිරිමි පුද්ගලයන් පිරිසක් විසින් රඳවා තබාගෙන සිටින බවට සැක පළ කරන බවයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් දෙමාපියන් විසින් වැල්ලම්පිටිය පොලීසියට පැමිණි කර ඇත.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka