gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කුඩුවලට ඇබ්බැහි වූ ගණිකාවන් තිදෙනෙක් මාට්ටු

අනුරාධපුර, යාපනය හන්දිය, නුවරවැව වත්ත ප්‍රදේශයේ තාවකාලික ලැගුම්හලක සිදු කළ වැටලීමක දී හෙරොයින් මත් කුඩු ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 50ක් සිය සන්තකයේ තබාගෙන එහි ලැගුම් ගෙන සිටි පුද්ගලයන් තිදෙනකු සහ දැඩි ලෙස මත්කුඩුවලට ඇබ්බැහි වූ ගණිකාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මත් කුඩු සමග අත්අඩංගුවට ගත් පුද්ගලයන් කුලියාපිටිය දණ්ඩගමුව
ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇති බවට වාර්තා වේ. ඔවුන් අවුරුදු 22, 25 සහ 28 වියෙහි පසු වේ.

මේ අතර එම ලැගුම්හලේ දී අත්අඩංගුවට ගත් ගණිකාවන් ගාල්ල, කැලණිය වනවාසල සහ කුලියාපිටිය යන ප්‍රදේශවල පදිංචිකාරියන්වන බවයි පොලිසිය පවසයි.

අවුරුදු 26, 25 සහ 22 හැවිරිදි වියෙහි පසුවන එම කාන්තාවන් තිදෙනාම විවාහය අතහැර දැමූ එක් දරු මව්වරු බව පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී තිබේ.

ඔවුන් ඊයේ (16) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka