gossip lanka

අධ්‍යාපන ඇමතිගෙන් ගුරුවරුන්ට රතු එළියක්

ගුරු මාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට යාමේදී ඊට එරෙහිව දරුවන් පොළඹවන ගුරුවරුන්ට එරෙහිව අමාත්‍යාංශ මට්ටමින් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. 

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඇතැම් පාසල්වල ගුරුවරුන් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලබාදුන් ගුරු මාරුවීම්
අවලංගු කර ගැනීම සඳහා දරුවන් ද යොදා ගන්නා බවයි.

කෙසේ වෙතත්, ගුරු සංගම් සඳහන් කරන්නේ ගුරු මාරු ප්‍රතිපත්තිය නිසි අයුරින් සිදුනොවන බවයි.




gossip lanka