gossip lanka

වැඩිය කන්න ගිය මහනුවර දුම්රිය ප්‍රවේශපත් කවුළුව වැසේ

සාමාන්‍ය දුම්රිය ප්‍රවේශ පත්‍ර නියමිත වටිනාකමට වඩා වැඩි මුදලකට විදේශිකයන්ට අලෙවි කළ මහනුවර දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් කවුළුව  තාවකාලිකව වසා දමා තිබේ.

විදේශිකයන්ගෙන් හා විවිධ පාර්ශවයන්ගෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට ලද පැමිණිලිවලට අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව එම පියවර ගත්
බව දුම්රිය සාමාන්‍යාධිකාරී ‍එස්.එම්.අබේවික්‍රම මහතා සඳහන් කළේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ දුම්රිය දෙපාර්තමේන්තුවේ විනය අංශය, ඒ සම්බන්ධයෙන් වූ වාර්තාව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වෙත බාර දී තිබේ.

ඒ අනුව මහනුවර දුම්රිය ස්ථානයේ ස්ථාපිත කර ඇති දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කවුළුව තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව සඳහන් වේ.

අදාළ ප්‍රවේශ පත් නිකුත් කිරීමේ කවුළුව කුළී පදනම මත ඇති පෞද්ගලික ආයතනයකට අයත් වූවක් බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.


gossip lanka