gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලාලනීව ගෙන්වාදෙන්න යැයි දරුවන්ගෙන් ඉල්ලීමක්

ඊශ්‍රායලයේ හයිෆා නගරයේ  රම්බාම් රෝහලේ ප්‍රතිකාර ලබන තම මවවන හලාවත – ආරියගම පදිංචිකාරියක වූ ආර්.ආර්.එම්.අශෝකා ලාලනී නැවත ලංකාවට ගෙන්වා දෙන ලෙසට ඇගේ දියණියන් තිදෙනා විසින් ඉල්ලා සිටිනවා.

මේ වනවිට 54 හැවිරිදි වියේ පසුවන ලාලනී 2008 ජුනි මස 23 වැනිදා
මෙරට පිහිටි පිළිගත් විදේශ රැකියා නියෝජිත ආයතනයකින් ඇය ප්‍රථම වතාවට ඊශ්‍රායලය බලා ගොස් ඇත්තේ ගෘහ සේවිකාවක් ලෙස සේවය කිරීම සදහායි.

2016 අගෝස්තු මස 06 වැනිදා මෙරටට පැමිණ ඇති ඇය නැවතත් පසුගිය සැප්තැම්බර් මස 18 වැනිදා ඊශ්‍රායලය බලා ගොස් තිබෙනවා.

ඊශ්‍රයලයේ නාසරෙත් නුවර නිවසක ඇය ගෘහ සේවිකාවක් ලෙස සේවය කර ඇති අතර 2016 සැප්තැම්බර් මස 28 වැනිදා එරට සිටින ශ්‍රී ලංකාකික කාන්තාවක් ලාලනීගේ දියණියක් අමතා පවසා ඇත්තේ ලාලනී කිසියම් රෝගී තත්ත්වයක් නිසා බිම වැටී සිටියදී හමුවූ බවත්,ඇයව ගිලන් රථයක නංවා හයිෆා නගරයේ රම්බාම් රෝහල වෙත රැගෙන ගිය බවයි.

රෝහල් ගත කරන ලද ලාලනීගේ විදේශ ගමන් බලපත්‍රය,ජංගම දුරකථනය සහ ඇය එරටට ගොස් සිට්ටුවකින් ලබා ගත් බව කියන රුපියල් ලක්ෂ 12 ක පමණ මුදලක්ද එම කාන්තාව සතුව ඇති බවද එම අවස්ථාවේදී පවසා තිබෙනවා.

එතැන් සිට එම කාන්තාව මෙරටට ඇමතුම ලබා ගත් ලාලනීගේ ජංගම දුරකථනය අක්‍රීයව පවතිනඅතර ඉන් පසුව ලාලනී ගැන කිසිදු ආරංචියක් ලැබී නැහැ.

වෙනත් අයෙකු විසින් රෝහල් ගත කර සිටින ලාලනීගේ තත්ත්වය දැක්වෙන වීඩියෝවක්ද එවා ඇති බවයි දියණියන් පවසන්නේ.

විදේශ සේවා නියුක්ති කාර්යංශයට ගොස් මේ සම්බන්ධයෙන් පැවසූ විට ඔවුන් පවසා සිටියේ ලාලනී ප්‍රතිකාර ලබන රෝහලේ වියදම ලෙස රුපියල් ලක්ෂ 30 ක් හෝ ඊට වැඩි මුදලක් ගෙවීමට සිදු වන බව පවසූ බවයි මේ දරුවන් පවසන්නේ.

නමුත් ඉතාමත්ම දුප්පත් තත්ත්වයේ සිටින තමන්ට එතරම් මුදලක් සොයා ගැනීමට නොහැකි බවත් සිය මව මෙරටට ගෙන්වා දෙන ලෙසත් දරුවන් කියා සිටියා.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka