gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ධනුෂ්කගේ තරඟ තහනම ලිහිල් වේ

ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පනවා තිබූ තරග 6ක තහනම තරග තුනක් දක්වා අඩු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.ඒ ධනුෂ්ක වෙනුවෙන් සිංහල ක්‍රීඩා සමාජය යොමුකර අභියාචනාවක් සැලකිල්ලට ගනිමිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ව්‍යවස්ථාවේ 30 වැනි වගන්තිය කඩ කිරීම
හෙතුවෙන් ධනුෂ්කට ජාත්‍යන්තර  තරග 6ක තහනමක් හා වාර්ෂික ගිවිසුමෙන් 20%ක දඩයක්ද පැනවීය.

කෙසේ වෙතත් අභියාචනය සැලකිල්ලට ගනිමින් තරග හයක තහනම තරග තුනක් දක්වා අඩුකර ඇති අතර දඩ මුදල අයකර ගැනීම එලෙසින්ම ක්‍රියාත්මක වෙනු ඇත.

කෙසේ වෙතත් තවත් වසරක කාලයක තුළ ධනුෂ්ක ව්‍යවස්ථාව උල්ලංඝණය වුවහොත් අත්හිටවූ තරග තහනම ක්‍රියාත්මක වෙනු ඇති බවද ක්‍රිකට් ආයතනය පවසයි.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka