gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණුවලින් සිංහල මාධ්‍ය සිසුන්ට පමණක් දැඩි අසාධාරණයක්…

පසුගියදා ප්‍රකාශයට පත් වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්වීමේ දිස්ත්‍රික්  කඩඉම් ලකුණු තීරණය කිරීමේ දී වවුනියාවේ සිංහල මාධ්‍ය දරුවන්ට මහත්වූ අසාධාරණයක් සිදුව ඇතැයි විභාගයට පෙනී සිටි දරුවන්ගේ දෙමාපියන් පෙන්වා දෙති.

සිසු දරුවන්ගේ දෙමාපියන් පෙන්වා දෙන්නේ දෙමළ දරුවන් සේම සිංහල
දරුවන්ද සමානව යුද්දෙන් බැට කෑ බවත් නමුත් මේ වන විට අධ්‍යාපන පහසුකම් වලින් උසස් තත්වයේ පවතින උතුරේ දමිළ දිස්ත්‍රීක්ක වල කඩඉම් ලකුනු අඩු වුත් සිංහල දරුව් වෙනුවෙන් කඩඉම් ලකුණු අසාධාරණ ලෙසින් වැඩි කර ඇති බවටත්ය.

උදාහරණයක් වශයෙන් දෙමාපියන් පෙන්වා දෙන්නේ අධ්‍යාපන පහසුකම් වලින් ඉහල තැනක් ගන්නා අනුරාධපුර දිස්ත්‍රීක්කයට කඩඉම් කලුණු 160 ක් වශයෙන්ද යුද්දයට මුහුණ දුන්නු වව්නියාවේ දුෂ්කර පාසල්වල ඉගෙනුම ලබන සිංහල දරුවන්ගේ කඩඉම් ලකුණු 161 ක් වශයෙන්ද දක්වා ඇති බවටයි.

ඊට අමතරව අධ්‍යාපන පහසුකම්වලින් ඉහළ තත්වයේ සිටින යාපනය දිස්ත්‍රීක්කයේ එම ලකුණු සීමාව 155 කුත්.  උතුරේ උතුරේ සෙසු දිස්ත්‍රික්ක වන කිලිනොච්චිය ලකුණු 154, මුලතිව් 154, මන්නාරම 153 හා වවුනියාව දෙමළ මාධ්‍ය එම අගය 154 කි .ඒ අනුව යුදමය පසුබිමට මුහුණ දෙමින් අඩුම පහසුකම් මෙන්ම අවතැන්ව නැවත පදිංචි කළ වැඩි ජන පිරිසක් සිටින වවුනියාවේ සිංහල දරුවන්ට 161 ක කඩඉම් ලකුණු සීමාවක් ලබා දීම සාධාරණයක්දැයි ප්‍රශ්න කරන සිසු දෙමාපියන් සාමාන්‍ය පෙළ හා උසස් පෙළට වවුනියාවේ සිංහල මාධ්‍ය ගුරුවරුන් හා පහසුකම් නොමැතිව පහසුකම් ඇති අනුරාධපුරයේ  උතුරු මැද පළාතේ මෙම අගය වවුනියාවේ සිංහල දරුවන්ටද වඩා අඩු අගයක් වන 160 ක් වීමද බලධාරින්ගේ අවධානයට යොමු නොවන්නේ මන්දැයි විමසති.

ඊට අමතරව මුලතිව් දිස්ත්‍රීක්කයේ සිංහල මාධ්‍යට කඩඉමි ලකුණු 160 ක් ලෙසින් දක්වා ඇති අතර මුලතිව් දිස්ත්‍රීක්කයට වැලිඔය කලාපයද හසුවන බැවින් වැලිඔයද යුද්දයට දැඩි සේ බිලිවුනු දැඩි දුෂ්කර ප්‍රදේශයකි.

එමෙන්ම මෙවැනි වාතාවරණයකට මුහුණ දී ඇති වව්නියාවේ සහ මුලතිව්හි සිංහල පාසල් දරුවන්ගේ කඩඉම් ලකුණු ප්‍රමාණයන් තීරණය කරනු ලබන්නේ කුමන තරාතිරමක කුමන වාතාවරණයක් යටතේද යන්න වග දැන ගැනීමට අයිතියක් ඇති බවටද වව්නියාවේ සිංහල පාසල් දරුවන්ගේ දෙමාපියන් කියා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka