gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් වෙයි

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ නිකුත් කෙරිණ.

මෙවර විභාගයේ ප්‍රතිපල අනුව දිවයිනේ ප්‍රථම දෙවන තුන්වන හා සිව්වන ස්ථාන ලබාගත් සිසුන් 16 දෙනාම කොළඹ දිස්ත්‍රික්කයෙන් බැහැර පාසල්වලින් වාර්තාවීම විශේෂත්වයකි.

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලවලට අනුව ලකුණු 198 ක්
ලබාගත් මීගමුව හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ දිනුක ක්‍රිෂාන් කුමාර් සිසුවා දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගෙන තිබේ.

ලකුණු 197 බැගින් ලබාගත් ගනේමුල්ල වැලිපිල්ලෑව කනිෂ්ඨ විද්‍යාලයේ ඉදුමිණි ජයරත්නට හා තුල්හිරිය කනිෂ්ඨ විද්‍යාලයේ සංජන නයනජිත්ට දෙවන ස්ථාන හිමිවිය.

තුන්වන ස්ථානය ලබාගෙන ඇත්තේ කඩවත කිරිල්ලවල ප්‍රාථමික විද්‍යාලයේ තරුල් සහස් ධර්මරත්න සිසුවායි.

ඔහු ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 196 කි.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේදී ලකුණු 195 බැගින් ලබාගත් සිසුන් දස දෙනෙකු සිව්වන ස්ථාන ලබාගැනීම ද විශේෂත්වයකි.

කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපවලට අයත් පාසල්වල විදුහල්පතිවරුන්ට අද සහ හෙට පෙරවරු 9 න් පසු විභාග දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රතිඵල ලබාගත හැකියි.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පාසල් ඉල්ලුම් කිරීමේ කඩයිම් ලකුණු ප්‍රමාණය ද නිකුත් කර තිබේ.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍යයෙන් ශිෂ්‍යත්වය සමත් සිසුන්ට පාසල් අයදුම් කිරීමේ අවම ලකුණු සීමාව 164 කි.

හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්කවල අවම ලකුණු සීමාව ලකුණු 162 ක් ලෙස දැක්වේ.

වව්නියාව දිස්ත්‍රික්කයේ ශිෂ්‍යත්වය සමත් සිසුන්ට පාසල් සදහා ඉල්ලුම් කිරීමේ අවම ලකුණු සීමාව 161 කි.

මුලතිව්, පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව හා බදුල්ල දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය පාසල් සඳහා අවම ලකුණු සීමාව 160 ක් වේ.

අම්පාර දිස්ත්‍රික්කයේ අවම ලකුණු සීමාව ලකුණු 159 කි.

මොනරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල අවම ලකුණු සීමාව, ලකුණු 158 ක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පිළිබඳ පවතින ගැටලු ඉදිරිපත් කිරිම සඳහා දුරකතන අංක කිහිපයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව 1911 ක්ෂණික ඇමතුම් අංකය මගින් සහ 0112 784 208, 0112 784 537, 0113 188 350, සහ 0113 140 314 යන දුරකතන අංක ඇමතීමෙන් ප්‍රතිඵල පිළිබඳ ගැටලු දැනුම් දිය හැකියි.

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු මස 20 වනදා පැවති අතර විභාගය සඳහා පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව 3 50462 කි.

www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබා ගත හැක.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka