gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වකුගඩු රෝගීන්ට මැණික්වලින් බෙහෙතක්

වකුගඩු රෝගීන් සඳහා විශේෂයෙන් හිතකර කුඩු කරන ලද මැණික් වර්ග කිහිපයක් යොදා ගනිමින් සකස් කරන ලද විශේෂ ජල පෙරනයේ මුලීක පර්යේෂණ කටයුතු තවදුරටත් සිදු කරමින් තිබෙන බව මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය ප්‍රශාන් ෆ්‍රැන්සිස් මහතා පැවැසිය.

පඩියන්, ගෝමේද සහ තෝරවල්ලි වැනි අර්ධ වටිනාකමක් සහිත මැණික්
වර්ග එම විශේෂ ජල පෙරනය සැකසීමට යොදා ගන්නා බවත්, එම මැණික් වර්ගවලට ජලයේ පවතින අහිතකර ද්‍රව්‍ය උරා ගැනීමේ හැකියාවක් තිබෙන බැවින් හඳුනා නොගත් වකුගඩු රෝග බලපා ඇති ප්‍රදේශවල ජල පිරිපහදුව සඳහා එම විශේෂ ජල පෙරන යොදාගත හැකි බවත් ආචාර්ය ප්‍රශාන් ෆ්‍රැන්සිස් මහතා සඳහන් කළේය.

මෙම පර්යේෂණ සඳහා වැය වන වියදම හා ප්‍රතිපල තහවුරු කිරීමට අවශ්‍ය විද්‍යුත් උපකරණවල හිඟය එහි ඉදිරි පර්යේෂණවලට තරමක බාධාවක් වී ඇති බවත් ඒ මහතා පැවැසිය. රජයේ සහයෝගය මත මෙම විශේෂ ජල පෙරන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ නම් වකුගඩු රෝගීන්ගේ කාන්දු පෙරීම සඳහා රජය වැය කරන විශාල වියදම අඩුකර ගත හැකි බවද ආචාර්ය ප්‍රශාන් ෆ්‍රැන්සිස් වැඩිදුරටත් සඳහන් කළේය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka