gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සැප වැඩිකර මිල වැඩි කිරීමේ සූදානමක්

අමතර දුම්රිය එංජින් හා මැදිරි මිලදී ගත් පසුව දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළ දැමිය හැකි බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්. අබේවික්‍රම මහතා පවසයි.

ගාස්තු ඉහළ දැමීම සම්බන්ධව අවස්ථා කිහිපයකදී මුදල් අමාත්‍යාංශය
ඇතුළු පාර්ශ්ව කිහිපයක් සමග සාකච්ඡා කළද, නිශ්චිත විසඳුමකට එළැඹීමට නොහැකි වූ බවද සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.

වසර 2008  න් පසු දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළ දමා නොමැති බවත්, දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම් තත්ත්වය  ඉහළ නොයෑමට එය හේතුවක් වී ඇති බවත් අබේවික්‍රම මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම දුම්රිය පහසුකම් වැඩිකිරීමකින් තොරව ගාස්තු ඉහළ දැමීම සාධාරණ නොවන බවත්, ඒ අනුව එංජින් හා මැදිරි මිලදී ගැනීම සඳහා ගිවිසුම් කිහිපයක් අත්සන් කර තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.






gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka