gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකා ඉනිමට ජීවය ගෙනා දිමුත්ගේන් "ද්විත්ව ශතකයටත් වඩා වටින ඉනිමක්"

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය මේ දින වල පැවැත්වෙනවා. තරගයේ දෙවන දිනට ඊයේ (07) තරගය නිම වෙද්දි සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 482ක් රැස් කිරීමට සමත් වුනා. සිය පළමු ඉනිම ඇරඹු පාකිස්තානය කිසිවෙක් නොදැවි ලකුණු  51ක් ලබා සිටියා.

මෙහිදි ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත් වෙමින් ඉනිම සවිමත් කළ
ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නට ශ්‍රී ලංකාව වෙනුවෙන් දිවා රාත්‍රී තරගයක ලබා ගත් පළමු ද්විත්ව ශතකය තමන් නමින් ලියවීමට තිබු අවස්තාව අවාසනාවන්ත ලෙස අහිමිව ගියා . ඒ දිමුත් ද්විත්ව ශතකයට ලකුණු හතරක් පමණ පසුපසින් සිටියදි ලකුණු 196කට දැවි යාම නිසා.

තරගයේ පළමු දිනයේ සිටම ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම වූ දිමුත්, ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පැමිණ පලමු දින මෙන්ම දෙවන දිනයේද නායක දිනේෂ් චන්දිමාල් සමගින් ශ්‍රී ලංකා ඉනිම ගොඩ නගමින් සිටි අතර , චන්දි දැවි ගිය පසුද නිරෝෂන් දික්වැල්ල සහ දිල්රුවන් පෙරේ‍රා සමග එක්වෙමින් ශ්‍රී ලංකා ඉනිමට ජවය ගෙන ආවා. හතරේ පහර 19ක් සහ හයේ පහරකින් සවිමත් වූ දිමුත් ගේ ඉනිමට පන්දු 405ක් වැය කර තිබුනා.

පිටිය පුරාම පහරවල් එල්ල කරමින් පාකිස්තාන පන්දු යවන්නන්ට හිසරදයක් වූ දිමුත් කරුණාරත්නගේ ඉනිම ඉතිහාසගත වන්නේ දිවා රාත්‍රී ටෙස්ට් තරගයක ප්‍රථම ශතකය රැස් කළ ශ්‍රී ලංකා පිතිකරුවා ලෙසයි .

දිවා රාත්‍රී ටෙස්ට් තරඟයක ශ්‍රී ලංකාව වෙනුවෙන් අර්ධ ශතකයක් රැස් කල පළමු ක්‍රීඩකයා,
දිවා රාත්‍රී ටෙස්ට් තරඟයක ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතකයක් රැස් කල පළමු ක්‍රීඩකයා,
දිවා රාත්‍රී ටෙස්ට් තරඟයක ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 150 ක් රැස් කල පළමු ක්‍රීඩකයා

ආදී එකී නොකී වාර්තා රැසකට දිමුත් කරුණාරත්න ඔහුගේ නම ඇතුලත් කරගැනීමට සමත් වු අතර ද්විත්ව ශටහකය අහිමිව ගියද මෙම ඉනිම ද්විත්ව ශතකයටත් වඩා වට්‍රිනා ඉනිමක් බව විචාරකයන් අදහස් දක්වා තිබෙනු දුටුවා.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka