gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගොවිකමත් හොද රැකියාවක්.. තරුණයන් කෘෂිකර්මාන්තයට යොමුවිය යුතුයි..

වගා සංග්‍රාමය යටතේ කලුතර දිස්ත්‍රික්කයේ වගා නොකළ කුඹූරු අක්කර 558 ක් වගා කිරීමේ වැඩසටහන සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පයාගල මහවෙල්යායේ දී පැවැත්විනි.


මෙහිදී පයාගල මහවෙල්යාය අස්වැද්දවීමේ ව්‍යාපෘති වාර්තාව දිස්ත්‍රික්
ලේකම්වරයා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත බාරදෙන ලදි. තව ද සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ගොවි ජනතාවට උදළු තල, පොල් පැල සහ බිත්තර වී ද මෙහිදී පරිත්‍යාග කරන ලදි.


මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “වගා සංග්‍රාමය ජාතික කර්තව්‍යයක්. බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යවරයා මා සමග ප්‍රකාශ කළා කොස් පැල 1000 ක් සිටුවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව. වමේ ව්‍යාපාරයේ නිරත වන විට සාගතයක් රට තුල නැහැ කියලා හිතාගෙනයි විප්ලව කළේ. රට තුල ආහාර තිබුනා. සෑම දෙයක්ම වගා කෙරුනා. ජනතාව තුලින් විශාල වෙනස්කම් ඇති වන්නේ බඩගින්න නිසයි. කොස් පැල ව්‍යාපෘතිය නිවැරදි ව්‍යාපෘතියක් කලුතර දිස්ත්‍රික්කය පුරාම කොස් පැල සිටුවිය යුතුයි. ඉපැරණි ආහාර දෙස වත්මන් තරුණ පරපුර අවධානය යොමු කරන්නේ නැහැ. මෙම පයාගල මහාවෙල්යාය ඇතුලුව වගා නොකළ කුඹුරු අක්කර 558 ක් වගා කිරිම සදහා රුපියල් මිලියන 200 ක මුදලක් වෙන් කර තිබෙනවා. 2018 වසර අවසන් වන විට මෙම වගා නොකළ කුඹුරු වගා කළ යුතු වෙනවා. එමගින් රටේ ජාතික ප්‍රශ්ණයක් විසදෙනවා. විදේශීය රටවලින් සහල් ගෙන්වීම නතර කර ආර්ථීක ලාභයක් ලබාගන්න පුලුවන්. කාබණික පොහොර භාවිතයෙන් වගා කරන්න.

වත්මන් රජය විසින් වස විස නැති වගා සංග්‍රාමයක් ද ආරම්භ කර තිබෙනවා. අදියරෙන් අදියර පුරන් වූ කුඹුරු වගා කළ යුතුයි. දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ දත්ත වලට අනුව කලුතර දිස්ත්‍රික්කයේ සියයට 60 ක් ජීවත් වන්නේ කෘෂිකර්මාන්තයෙන්. කෘෂි ආර්ථිකය නගා සිටුවීමට මුදල්, ඉඩම් තිබුනත් මදි. වත්මන් තරුණ පරපුර කෘෂිකර්මාන්තයට වැඩි රුචිකත්වයක් දක්වන්නේ නැහැ. රබර් කිරි කපන්න කැමැති නැහැ. දේශපාලනඥයින් ලගට ඇවිත් රැකියා ඉල්ලනවා. එය අලුත් මානසිකත්වයක්. රජයේ රැකියා බලා නොසිට කෘෂිකර්මාන්තයට සම්බන්ධ වෙන්න කියලා මම තරුණ තරුණයින්ගෙන් ඉල්ලා සිටිනවා. රජයේ රැකියා ඉල්ලන ප්‍රමාණයටම දෙන්න බැහැ. ගොවිකමත් හොද රැකියාවක්.”

මෙම අවස්ථාවට බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කිත්සිරි කහටපිටිය, ඉෂ්ඨිකාර් ජමීල් මහතා, කලුතර දිස්ත්‍රික් ලේකම් යු.ඩී.සී ජයලාල් මහතා, බේරුවල ප්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ් මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

– ප‍්‍රසන්න අධිකාරී



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka