gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දයාසිරිගෙන් අර්ජුනට කැඳවීමක්

එළඹෙන 14 වැනිදා ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැත්වෙන ජනාධිපති නීතිඥ පාලිත කුමාරසිංහ මහතාගෙන් යුත් ඒක පුද්ගල විමර්ශන කමිටුව වෙත පැමිණ කරුණු දක්වන්නැයි ක්‍රීඩා අමාත්‍ය  දයාසිරි ජයසේකර මහතා  අර්ජුන රණතුංග මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
 පානදුර සහ කළුතර ක්‍රීඩා සමාජවල නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා හිටපු ටෙස්ට් නායක අර්ජුන රණතුංග මහතා ක්‍රීඩා අමාත්‍ය
දයාසිරි ජයසේකර මහතා වෙත යැවූ ලිපියට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම ඉල්ලීම කර ඇත.
ක්‍රීඩා අමාත්‍යාංශය යොමු කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ අදාළ කමිටුවට ක්‍රීඩා සමාජ දෙකේ ක්‍රීඩකයන් හා නිලධාරීන්ද කරුණු දැක්වීමට පැමිණෙන බවත්, අර්ජුන රණතුංග මහතාටද සියලු කරුණු දැක්වීමට අවස්ථාව වෙන්කර ඇති බවත් සඳහන් වේ.
එසේම රණතුංග මහතාට එම දිනයේ කරුණු දැක්වීමට නොහැකි නම් වෙනත් දිනයක හෝ පැමිණ කරුණු දැක්වීමට අවස්ථාව ඇති බවද අනතුරුව දෙපාර්ශ්වය ඉදිරිපත් කරන කරුණු සැලකිල්ලට ගනිමින් සැකසෙන වාර්තාව දෙසතියක් තුළ ක්‍රීඩා අමාත්‍යවරයා වෙත භාරදීමට නියමිත බවද සඳහන් වේ.
එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, කමිටු වාර්තාව පදනම් කරගනිමින් ක්‍රීඩාවේ විනයත්, ක්‍රිකට් ක්‍රීඩාවේ දැඩිව අවධාරණය කරනු ලබන මහත්මා ගුණයත් ආරක්ෂා වන පරිදි සාධාරණ විසඳුමක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඉදිරියේදී කටයුතු කරනු ඇති බවයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka