gossip lanka

චන්ද්‍රිකා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට.. ලයිස්තුවෙන් පත් වූ කෙනෙක් අස්වෙන්න සූදානම්..

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමේ සූදානමක් ඇති බවට මාධ්‍ය වාර්තා පලවෙයි.

ඒ සම්බන්ධයෙන් ඉහළ පෙළේ සාකච්ඡාවන් පැවැත්වෙමින් ඇති බවද සදහන්ය.

නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලියට අදාලව හිටපු ජනාධිපතිනියගේ ක‍්‍රියාකාරීත්වය අත්‍යවශ්‍ය වන්නේ යයි සුළු ජාතික පක්‍ෂයක් විසින් කරන ලද ඉල්ලීමක් මත මෙම සාකච්චා පැවැත්වෙයි.

මේ අනුව දැනට සන්ධානයේ ජාතික ලයිස්තුවෙන් පාත් කර සිටින මන්ත‍්‍රීවරයෙකු ඉන් ඉවත් වීමට කැමැත්ත පල කර ඇති බවත් එම පුරප්පාඩුව සදහා හිටපු ජනාධිපතිනිය පත් කිරීමට සූදානමක් ඇති බවත් එම වාර්තාවල වැඩි දුරටත් සදහන්ය.

කෙසේ වෙතත් මේ සදහා හිටපු ජනාධිපතිවරයා කැමැත්ත හෝ අකමැත්ත පල කර නැති බවද වාර්තාවන්හි දැක්වෙයි.
gossip lanka