gossip lanka

කොරියාවේ හොඳම තානාපති කාර්යාලයට හිමි සම්මානය ශ්‍රී ලංකාවට

කොරියාවට ශ‍්‍රමිකයින් එවනු ලබන රටවල තානාපති කාර්යාල අතර 2017 වසරේ හොඳම තානාපති කාර්යාලය ලෙස කොරියාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය තේරී පත්වී ඇත.

දකුණු කොරියාවේ කම්කරු හා රැකියා අමාත්‍යංශය මඟින් පවත්වා ඇති තරගයක දී  එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට මෙම ජයග‍්‍රහණය ලැබී තිබේ.

එරටට ශ‍්‍රමිකයින් එවනු ලබන රටවල් 16 හි තානාපති කාර්යාල අතුරින් හොඳම ක‍්‍රමවේදයන් හා උපාය මාර්ගික සැලසුම් භාවිතාකර තම සේවකයින්ට හොඳම සේවාවක් සපයන තානාපති කාර්යාලය වශයෙන් මෙම අගයකිරීම හිමිවී ඇත.


මේ සඳහා වන ඉහළම නිර්දේශය කොරියාවේ මානව සම්පත් සංවර්ධන ආයතනයෙන් ලබාදී ඇතැයි ද වාර්තා වේ.

වීසා නොමැතිව කොරියාවෙ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් අවම කරගැනීම සඳහා කි‍්‍රයාමාර්ග ගැනීම, රැකියා සඳහා පැමිණෙන නවක ශ‍්‍රමිකයින් දැනුවත් කිරීම, ධීවර ක්ෂේත‍්‍රයේ ශ‍්‍රමිකයින් සඳහා වූ දැනුවත් කිරීම, රැකියා හා සුබසාධන කටයුතු, ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ගේ රැකියා ස්ථානයේ ආරක්ෂාව සඳහා ගනු ලබන කි‍්‍රයාමාර්ග වැනි ක‍්‍රීයාමාර්ග හේතුවෙන් මෙම සම්මානයට හිමිකම් ලැබුණු බව ද  පැවැසේ.

මෙම නිසා කොරියාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් කි‍්‍රයාත්මක කරන ලද රැකියා හා සුබසාධන වැඩසටහන් පිළිබඳව දේශනයක් පැවැත්වීම සඳහා කොරියාවේ රැකියා හා කම්කරු අමාත්‍යංශය විසින් ආරාධනාවක්ද කර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළේ, කොරියාවේ සේවයේ නිරත ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් මෙරට ආර්ථිකයට ලබාදෙන දායකත්වය ඉහළ බවයි.
gossip lanka