gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල සිඳී යමින් පවතී!

සොබා දහමේ අසිරිමත් නිර්මාණයක්‌ වන ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල වශයෙන් අභිෂේක ලබන බඹරකන්ද ඇල්ල (උස අඩි 790- මීටර් 240) මේ වන විට මතු පරපුරට දැක ගැනීමට නොහැකි වන සේ සිඳී යමින් පවතී.

මේ ෙ€දවාචකය සති අන්ත දිනවලදී පැමිණෙන සිය ගණන් දෙස්‌ විදෙස්‌
සංචාරකයන්ගේ නෙත් වලට පෙනී යැම නිසා ඔවුන් බෙහෙවින් කම්පා වී සිටී.

දිය ඇල්ලක්‌ නැරඹීමෙන් ලබන තෘප්තියද ඔවුනට නොලැබෙන්නේ ජලය නොමැති කම නිසාමය.

මෙම දිය ඇල්ල රැක ගැනීමට මේ වන විට කිසිවකු හෝ පරිසර සංවිධාන හෝ මැදිහත්ව නොමැති බව ගම්වාසීහු කියති.

බදුල්ල-කොළඹ මහා මාර්ගයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශයට අයත් කළුපහන හංදියේ සිට දකුණු කඳුකර දෙසට විහිදී ඇති වීරකෝන්ගම මාර්ගයේ කි. මී. 4 ක්‌ ගිය තැන මෙම ඇල්ලට ළඟා විය හැක.

මේ වන විට හොඳ මාර්ග පද්ධතියක්‌ද සකස්‌ කර තිබෙන අතර, මෙම ඇල්ල නැරඹීමට හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව යම් මුදලක්‌ ද අය කරයි.

බඹරකන්ද ඇල්ලේ වර්තමාන තත්ත්වය ගැන කරුණු දක්‌වන ගම්වාසීන් මෙසේ කියති.

වීරකෝන්ගම අනුර උපනන්ද වීරකෝන් මහතා

මෙම ඇල්ල වගේම ගම්මානයට ඓතිහාසික වටිනා කමක්‌ තිබෙනව. කවියෙකු වන වීරකෝන් මුදලි විසුවේ මේ වීරකෝන් ගමේ. බඹරකන්ද ඇල්ලට ජලය පැමිණෙන්නේ මහ එළි සමභූමියේ සිටයි. (වර්ල්ඩ්සන්) මෙම ජලය කිණිහිරිය, වෙස්‌ට්‌ හපුතලේ, යාලතැන්න, තේ වතුකරය හරහා පැමිණෙන අතර, මේ ජලය අතර මගදී බට යොදා ජලය ගැනීමෙන් දිය ඇල්ලට පැමිණෙන ජල ප්‍රමාණය අඩුවෙලා තිබෙනවා. මේ අනවසර ජලය ගැනීම නිසා කිණිහිරිය වත්තත් දැන් නාය ගිහින් තිබෙනවා.

හල්දුම්මුල්ල – එස්‌. සෙනෙවිරත්න



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka